728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 16, 2023

මම ඉන්නේ කොළඹ සුඛෝපභෝගී එපාර්ට්මන්ට් එකක වුනත් කොහා අපිට අවුරුදු ගේනවා

 මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන අකුරට යන වෙලාවේ සහ අපි එක රෑනේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියලා කියන්නේ. ඉතින් දැන් කාටත් ආදර්ශයක් ලබා දෙමින් කළා ජීවිතයයි පුල් ජීවිතයයි සමබරව පවත්වාගෙන යන ඇය මේදා පාර අලුත් අවුරුද්ද ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.



ඉතින් ඇය අවුරුදු තුනකින් විතර නිර්මාණයකට දායක වුණේ නැති වුනත් හැබැයි මේ වසරේ ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා කියලයි තාරුකා කියන්නේ. ඒ වගේම ඇයගේ ගෙදර ජීවිතේ සාමාන්‍ය විදියට සරලව සැහැල්ලුවෙන් ගෙවෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ගෙදර වැඩි වගකීමක් දරන්නෙ සැමියා නිසා ඇය බබා බලාගෙන සැමියගෙ වැඩත්, ගෙදර වැඩත් කරගෙන ඉන්නවා කියලත් ඇය කියනවා.

කොහොම නමුත් ඇය සමාජයේදි වේවා, ගෙදරදි වේවා ඇයට හමුවන කෙනාව හඳුනාගෙන ජීවත්වන කෙනෙක් කියලයි තාරුකා කියන්නේ. ඉතින් සුදුසු විදියට තැනේ හැටියට කටයුතු කරන කෙනෙක් නිසා අනෙක් කෙනාව නිතරම ගෞරවය සහ පිළිගැනීම අවංකව කළාම ඒ ගෞරවය, පිළිගැනීම ආපහු ලැබෙනවා කියලත් ඇය කියනවා. හැබැයි ඒ වගේම බනින්න ඕනෑ විදියට කවුරුහරි කටයුතු කළොත් ඇය නොබැන ඉන්නෙත් නැහැලු.

ඉතින් කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඇයට දිගටම සහයෝගය දෙන්නෙ ඇයගේ සැමියා කියලත් තාරුකා කියනවා. ඒ වගේම ඔහු ඇයව කසාද බැන්දෙම ඇයගේ කලා ජීවිතය ගැන දැනගෙනන නිසා ඇයට කවදාවත් කිසිම දෙකට තහංචි දාලා නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඔවුන් දෙන්නා දෙන්නාගෙම ක්ෂේත්‍රවලට ගරු කරන නිසා දෙන්නා අතර තියෙන්නෙත් ලොකු ගෞරවයක් කියලත් ඇය කියනවා.

ඒ වගේම තාරුකා දැන් පවුලේ අයත් එක්ක ජීවත් වෙන්නේ කොළඹ සුඛෝපභෝගී එපාරිට්මන්ට් එකක. ඉතින් ඔවුන් එහෙ හිටියට අවුරුදු හැඟීම ඔවුන්ට හැමදාම කොහා ගේනවා කියලත් තාරුකා කියනවා. මොකද ඇය සිටින නිවාස පරිශ්‍රයට පහතින් ඇති දේවස්ථානයෙ තියෙන ගහක කොහෙක් ඉන්නවාලු. ඉතින් නිතරම ඔවුන්ට කොහාගෙ ලස්සන නාදය ඇහෙන නිසා මාර්තු අප්‍රේල් මැයි පාළු නැහැ කියලයි ඇය කියන්නේ. ඒ නිතරම කෝකිල නාදය ඇහෙන නිසා. ඉතින් අවුරුදු සමය ගත්තොත් මොකක් හරි රූපවාහිනී චැනල් එකක අවුරුදු වැඩසටහන්වලට දායක වෙනවා වගේම ගොඩක් අනෙක් තරු එක්ක තමයිලු අවුරුදු සමරන්නෙ. ඉතින් ඒ වැඩසටහන් ඉවර වෙලා ගෙදර ආවාම සුපුරුදු චාරිත්‍රවල යෙදෙමින් අලුත් අවුරුද්ද සමරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම ඉන්නේ කොළඹ සුඛෝපභෝගී එපාර්ට්මන්ට් එකක වුනත් කොහා අපිට අවුරුදු ගේනවා Rating: 5 Reviewed By: webgossip24.com