728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 7, 2023

අපි ඇමරිකාවට ආවෙ අපිට යමක් කමක් තිබ්බේ නැති නිසා නෙවෙයි - සංජීවනී


  රංගනය ගායනය ඒ වගේම නිවේදනය කියන සියලුම අංශවලට අංශවලට දක්ෂ වෙච්චි මේ සොඳුරු කලාකාරිනිය කලාවට අමුත්තියක් නෙවෙයි.ඇය නමින් ප්‍රවීණ ශිල්පිනී සංජීවනී වීරසිංහයි.හැබැයි මේ වෙද්දි නම් සංජිවනි කලාකාරිනිය ලංකාව ඇතුළෙ නැහැ.ඇය ඇමෙරිකාවේ තමයි මේ වෙනකොට ජීවත් වෙන්නේ.

පසුගිය කාල සීමාවේදී ඇය ඇමෙරිකාවේ දී නොයෙකුත් දේශපාලන සිදුවීම් වලට මුහුණ දුන්නා.එනිසාම සංජීවන කියන චරිතය ගැන වැඩි වශයෙන් කතා බහ කරන්නත් පටන් ගත්තා.බොහෝ කාලයක් ඇමෙරිකාවේ ජීවත් වෙන ඇය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි මේ විදිහට ඇමරිකාවට වෙලා ඉන්නවා කියලා සඳහන් කළේ.ඒ වගේම ලංකාව ගැන කියන්නත් ඇය අමතක කළේ නැහැ.

“ලංකාව ඇතුලේ ඉන්නවට වඩා පිටින් බලද්දී අපේ වගකිය  යුතු අය කරන වැරදි හොඳට පේනවා.මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වුණේ මොනදේ උනත් මම ජීවත් වෙන්න කැමැති මගේ රටේ.විශේෂෙන්ම මේ වගේ අවස්ථාවක දී අපි රට දාලා යන්න හොඳ නැහැ.මම ආවේ මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ ස්ථාවරය හදලා අපි ආපසු ලංකාවට යන්න හිතාගෙන ඉන්නේ”

එයාකාරයෙන් අදහස් දක්වන ඇය විවාහ වුණේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සුසන්ත ඩී මෙල් කියන පුද්ගලයත් එක්ක. ලංකාවේ ඉන්න කාලෙදී සංජීවන සමාජ සත්කාර වල නිරත වෙලා හිටපු කෙනෙක්.ඒ වගේ කෙනෙක් මේ හැම වැඩ කටයුත්ත අමතක කරලා විදෙස් ගත වෙච්චි හේතුව  ගැන ඇත්තම කිව්වේ මේ කිව්වෙ මේ විදියටයි.

“අපි ඇමරිකාවට ආවේ අපිට යමක් කමක් නොතිබුණු නිසා නෙවෙයි.දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න අපි ආවෙ.ඇත්තටම කිව්වොත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න නිසා අපේ රටේ ලමයි බොහෝ දෙනා සිටින්නේ මානසික පීඩනයකින්.

ඒ වෙනස මෙහි සිටින විට හොඳට තේරෙන දෙයක්.මෙහෙ ඉන්න ලොකුම සල්ලිකාරයා ගෙ පුතා හෝ දුව වුණත් පාසල් ගිහින් ඇවිත් කාර් එක සෝදන්න ඕනේ.company එකේ ප්‍රධානියා තාත්තා උනාට දරුවන් බින්දුවේ සිට ඉගෙන ගෙන එන්න ඕනේ. කුණු ටික පවා අස්කරන එක එයාලගේ වගකීමක්”

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස් ගත වෙච්චි අය නැවත වතාවක් ලංකාවට එනවා කියලත් සඳහන් කළා මොකද ලංකාවෙන් ඈත් වෙලා ඉන්න එක ඇයට හරිම අමාරු දෙයක් ලු

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අපි ඇමරිකාවට ආවෙ අපිට යමක් කමක් තිබ්බේ නැති නිසා නෙවෙයි - සංජීවනී Rating: 5 Reviewed By: webgossip24.com