728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 14, 2023

මම ඇමරිකාවේ ඉන්නේ.මට ලැජ්ජයි ලංකාවෙ මිනිස්සු ගැන

 


 ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්රය තුළ සරාගීම නිළි රැජින විදිහට ගොඩක් දෙනෙක්ගේ හදවතේ ඉන්න ඒ වගේම ගොඩක් දෙනෙක් හඳුන්වන රංගන ශිල්පිනියක් තමයි සුමනා ගෝමස් කියන්නේ.එදා වගේම ඇයගේ රූ සපුවට බොහෝ දෙනෙක් ආදරේ කලා ඒ ඇල්ම ආශාව අදටත් ගොඩක් දෙනෙක්ගේ හදවතේ තියෙන නිසා තමයි ඇය විදෙස් ගත වෙලා එහෙමත් නැත්නම් ඇමරිකාවට වෙලා ජීවත් වෙද්දී වුණත් ඇය ගැන වැඩිපුර කතා කරන්නේ.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියක් ගැන පසුගිය කාලසීමාව පුරාවටම සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් අසැබි ඡායාරූප ප්‍රචාරය වුණා.ඒ වගේම තමයි ඇයගේ කියන ව්‍යාජ ෆේස්බුක් ගිණුම් මුහුණු පොතේ හතක් අටක් විතර තියෙනවා කියලා ඇය සඳහන් කරනවා.ඉතින් මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්.

මොකද ඒ ලංකාවේ කලාව වෙනුවෙන් තමයි කැප උනේ.නමුත් දැන් විදෙස් ගත වෙලා ඉන්න නිසා ඇය කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා නැහැ.අතීතයේ ඒ විදියට රඟපාපු චිත්‍රපටි වල කොටස් අරගෙන මේ ආකාරයෙන් විකෘති කරලා හදලා මිනිස්සු මොන වගේ දේවල් බලාපොරොත්තු වෙනවද කියල ඇය දිගින් දිගටම ප්‍රශ්න කරනවා. හරිම සංවේගයෙන් ඇමරිකාවේ ඉඳන් ඒ ගැන සුමනා ගෝමස් මහත්මිය කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ පරන දර්ශන ඇතුළත් වීඩියෝ පට හා ඡායාරූප තමයි මේ දේවල් වලට යොදාගෙන තියෙන්නෙ.මගේ චිත්‍රපටවල දර්ශන අරන් මොකද්ද නමක් දාල තමයි මේක හදලා තියෙන්නේ ඒක දැන් viral වෙලා. මම කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙලා නෑ ඒත් මම දැන් ඇමරිකාවේ ඉන්නේ.දැන් මට රඟපාන්නෙ යොමු වෙන්න විදිහක් නෑ මගේ රැකියාවේ කාර්ය බහුලතාවය නිසා. ලංකාවේ මිනිස්සු ඇයි මේ මාවම අල්ලගෙන දඟලන්නේ.ඒ වගේම මට ලැජ්ජ හිතෙනවා ලංකාවෙ මිනිස්සු ගැන.ඒක දැන් හැමතැනම සංසරණය වෙනවලු.කොහොමහරි මට ආදරේ කරන කට්ටියක් එකතු වෙලා ඒක ගැන පැමිණිලි කරලා දැනට නවත්තලා.නමුත් ඕක ටික කාලෙකින් ආපසු ඔය මිනිස්සු දානවා.ලංකාවේ සරාගී නිළි රැජින විදියට තාමත් මං ගැන කතා කරන එකට සන්තෝෂයි.හැබැයි මගේ ජනප්‍රියත්වය විකුණගෙන කෑම කෑම අවශ්‍යතාවයක් මට නැහැ”

ඉතින් ඔය අවසානයේදීත් කියන්නේ මේ විදිහේ අයගේ අසභ්‍ය ඡායාරූප හදලා සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය කරන අයට නැවත වතාවක් ඒ දේවල් කරන්න හිතන්න එපා කියලයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම ඇමරිකාවේ ඉන්නේ.මට ලැජ්ජයි ලංකාවෙ මිනිස්සු ගැන Rating: 5 Reviewed By: webgossip24.com