728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 28, 2023

ඇඟ වැහුණත් ඇරුණත් මම අඳින්නේ මට ඕන එක - ශෙහානි


 කලා ලෝකයේ නිතරම පුවත් මවන රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නෙ. කාටත් නොකියා ශෙහානි ජනප්‍රිය ගායකයෙක් එක්ක විවාහ වුණා කියලා මේ දවස්වල සමාජ මාධ්‍යය ඔස්සේ ආරංචියක් පැතිර යනවා. ඒ වගේම ⁣ශෙහානිගේ සරාගී විලාසිතා ගැනත් මේ දවස්වල විවිධ කතා ඇසෙනවා. ඉතින් මේ සියලු දේවල්වලට පිළිතුරු දැනගන්න අපි හිතුවා ශෙහානි එක්ක කතා කරන්න....

ශෙහානි ජනප්‍රිය ගායකයෙක් එක්ක විවාහ වුණා කියලා ආරංචියි?

අනේ නැහැ. සුපර් ස්ටාර් ගායක දසුන් මදුශාන්ගෙ ගීතයකට මම රංගනයෙන් දායක වුණා. ඒ මියුසික් වීඩියෝවෙ ඡායාරූපයක් දැකලා තමයි ගොඩක්දෙනා වැරැදියට හිතලා තිබුණෙ මම දසුන් එක්ක විවාහවෙලා කියලා. ඇත්තටම මම කාත් එක්කවත් විවාහ වුණේ නැහැ. එහෙම විවාහ වෙන්න තියා ආදරය කරන්න පෙම්වතෙක්වත් තාම මට නැහැ. 

 ඉස්සරට වඩා ශෙහානි දැන් සරාගීවෙලා?

ගෑනු ළමයෙක් වුණාම ලස්සනට අඳින්න පලඳින්න ඕන. ඉතින් මමත් හිතුවා හැමදාම එකම විදිහට අඳින්නෙ නැතුව මාව ලස්සනට පේන විදිහෙ වෙනස් ෆැෂන් කරන්න.

ලංකාව වගේ රටක නිදහසේ ෆැෂන් කරන්න පුළුවන්ද?

ඉස්සර මමත් හිතුව දෙයක් තමයි මම ආස විලාසිතාවක් කළොත් අනිත් අය මං ගැන වැරැදි විදිහට හිතයි කියලා. කාලයක් යද්දි මම තේරුම් ගත්තා අනිත් අය කියන දේවල් ඇහුවොත් කවදාවත් මුකුත් කරන්න වෙන්නෙ නැහැ කියලා. ස්වාධීන ගෑනු ළමයෙක් විදිහට මම මගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගත්තා. දැන් මට ඇඳුමක් අඳින්න ඕන කියලා හිතුණොත් මම ඒක අඳිනවා. ඒක ඇඟ වැහුණ ඇඳුමක්ද ඇඟ පේන ඇඳුමක්ද කියලා නැහැ, මම ඒක දකින්නෙ විලාසිතාවක් විදිහට. ඒ විලාසිතාව මට ලස්සනයි නම් මම අඳිනවා. මම හම්බ කරගත්තු සල්ලිවලින් මම අඳින පලඳින විදිහ ගැන විවේචනය කරන්න කාටවත් අයිතියක් නැහැ වගේම ඒ කියන දේවල් ගණන් ගන්න ඕනත් නැහැ කියලයි දැන් මම හිතන්නෙ. 

මේ අලුත් වෙනස නිසා ශෙහානිව රටින් පිටමං කරන්න හදනවා කියලා ආරංචියි ?

මට ආදරය කරන රසිකයෝ මගේ පෙනුම සහ හැකියාව නිසා කියනවා මාව වැඩිපුර ගැළපෙන්නෙ ⁣බොලිවුඩ්, හොලිවුඩ් ක්ෂේත්‍රයට කියලා. එහෙම අවස්ථාවක් ලැබෙයිද නැද්ද කියලා මම දන්නෙ නැහැ. ඒක ඉරණම තීරණය කරන දෙයක්. අහම්බෙන් හරි එහෙම අවස්ථාවක් ලැබුණොත් මම ශ්‍රී ලංකාවට කීර්තියක් ගේන්න පුළුවන් විදිහට මගේ හැකියාවන් උපරිමයෙන් ඉදරිපත් කරනවා.

පුංචි තිරයේ නිතරම හිටපු කටකාර නිවේදිකාවට මොකද වුණේ?

මම ක්ෂේත්‍රයට මුලින්ම ආවෙ නිවේදිකාවක් විදිහට. නිවේදනය කියන්නෙ මගේ වෘත්තීය ගමනේ එක පරිච්ඡේදයක් විතරයි. දැන් ඒ පරිච්ඡේදය ඉවරයි. එතැනින් එහාට සාර්ථක විදිහට මම මගේ වෘත්තීය ගමන ඉස්සරහට අරගෙන යමින් ඉන්නවා. 

දැන් ටෙලි නාට්‍යවල රඟපාන්නෙ තෝරා බේරාගෙනද?

මට ටෙලි නාට්‍යවලින් ආරාධනා ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන ඔක්කොම භාරගන්නෙ නැහැ. ඒ අතරින් මට ගැළපෙන හොඳ නිර්මාණ තිබුණොත් මම භාර අරගෙන කරනවා.

ආදරය විවාහය ගැන දැන්ම හිතන්නෙ නැද්ද?

මම ආදරය කරලා තියනවා. හැබැයි විවාහය දක්වා ඒ සම්බන්ධකම් දුර ගියේ නැහැ. මේ වෙද්දි නම් මට ආදරයක් හෝ විවාහයක් ගැන අදහසක් නැහැ.

ආදරයෙන් පරාද වෙලාද ඉන්නෙ?

අපිට ආදරය කරන්නෙ නැතුව අපෙන් ඈත්වෙලා යන්න හදන අයට යන්න දෙන්න ඕන. එහෙම අයව බලෙන් තියාගෙන වැඩක් නැහැ. ඒ විදිහට ආදරයෙන් පැරදුණ අවස්ථා මගේ ජීවිතයේ තිබිලා තියනවා. මම දැන් නම් ඒ දේවල් ගැන හිතෙන්නෙ නැහැ. මගේ ජීවිතය හොඳ විදිහට ගෙඩනගාගෙන ඉදිරියට යන එක තමයි දැන් මගේ බලාපොරොත්තුව. 

ශෙහානි හැමදාම අලුත් විදිහෙ දේවල් කරන කෙනෙක්...

මම ගායනා කරන ගීතයක් ඉදරියෙදි රසිකයන්ට අහන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. ගායන ක්ෂේත්‍රයේත් හෙමින් හෙමින් අඩිය තිය තියා ගමනක් යන්න මම ලෑස්තිවෙලා ඉන්නවා. ඒ වගේම ඉදිරියෙදි නර්තනය පැත්තෙන් අලුත් වැඩ වගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව මගේ ජීවිතයේ ඉෂ්ට කරගන්න ඉලක්ක වගයක් තියනවා. ඒ ඉලක්ක මොනවද කියලා දැන්මම කිව්වොත් අගයක් නැතුව යනවා. ඒ නිසා ඒ ඉලක්ක ඉටුකරගෙනම මම ඒ ගැන කියන්නම්.

ඔබට ආදරය කරන රසිකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?

ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා මාත් එක්ක ඉන්න හැමෝටම මම ගොඩක් ආදරෙයි. ඒ වගේම මට බණින අයටත් මම ගොඩක් ආදරෙයි. එයාලා බැණ්නට මම දන්නවා එයාලා මම ගැන හොයනවා, මම ගැන අවධානයෙන් ඉන්නවා කියලා. බණින අය අතරෙත් මාව ප්‍රසිද්ධ චරිතයක් වුණ එක ගැන මට සතුටුයි. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් මාත් එක්ක දිගටම මේ විදිහට රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඇඟ වැහුණත් ඇරුණත් මම අඳින්නේ මට ඕන එක - ශෙහානි Rating: 5 Reviewed By: webgossip24.com