728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 26, 2023

තුන් වෙනියෙක් ඇවිත් මගේ ආදරය හොරා ගත්තා


  සචින්තනී කෞශල්‍යා ‘දිගැසි’ විදිහට බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණත් ඇය රංවල බළකායේ ප්‍රබල සාමාජිකාවන් කියලා දන්නේ අතලොස්සක පිරිසක් විතරයි. මේ සිංහල අවුරුද්දේ රංවල බළකාය සමග කාර්යබහුල වී සිටින සචින්තනී එක්ක මොහොතක් කතා කළේ අලුත් විස්තර දැනගන්න එක්කමයි.


මේ දවස්වල ජන ගී උත්සව වැඩි ඇති නේද?


මම පුංචි කාලෙ ඉඳලා රංවල බළකායෙ සාමාජිකයෙක්. ඒ නිසා මේ දවස්වල ජන ගී උත්සවවලට තමයි වැඩිපුරම කාර්යබහුල වෙලා ඉන්නෙ. රූගතකිරීම් වැඩවලට වඩා අප්‍රේල් මාසය මම වෙන්කරලා තියෙන්නෙ රංවල බළකායේ ජන ගී වැඩසටහන් වෙනුවෙන්.


ඩුබායි ගිහින් හිටියා කියලා ආරංචියි?


අවුරුදු උත්සවයකට සහභාගි වෙන්න තමයි ඩුබායි ගියේ. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අනිත් නළු නිළියොත් මාත් එක්ක ඒ ගමනට සහභාගි වුණා.


හදිස්සියේම ගුරුවරියක් වෙන්න හිතුණෙ ඇයි?


හදිස්සියේම නෙමෙයි. උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලෙ මම පෞද්ගලික ටියුෂන් ගුරුවරියක් විදිහට වැඩ කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පටන් අරගත්තට පස්සේ වෙලාව මදි නිසා ගුරු වෘත්තියෙන් ඈත් වෙන්න වුණා. දැන් මට ආපහු අවස්ථාව ලැබිලා තියනවා ගුරුවරියක් විදිහට කටයුතු කරන්න. තමන් දන්න දෙයක් තව කාට හරි කියලා දීලා ඒ කෙනාගේ අනාගතය හැඩගස්ගන්න උදව් කරන එක හොඳ දෙයක්. ඉතින් ඒක මම මේ දවස්වල හරි ආසාවෙන් වගේම සතුටින් කරනවා.


දිගැසි ආපහු නිර්වාන්ව භාරගනීද?


තමන්ව දරුණු විදිහට රව⁣ට්ටලා තව ගෑනු ළමයෙක් එක්ක විවාහ වුණ කෙනෙක්ව දිගැසි ආපහු භාරගනියි කියලා මම හිතන්නෙ නැහැ.


තුන්වැනියෙක් ආදරය අතරට එන එක ගැන මොකද හිතන්නෙ?


එතැන වැරද්ද තියෙන්නෙ ආදරය අතරට එන තුන්වැනියාගේ විතරක් නෙවෙයි කියලයි මම හිතන්නෙ. තුන්වැනියට තමන්ගේ ආදරය ඇතුළට එන්න දෙන කෙනත් ඒකට වගකියන්න ඕන. තමන්ගෙ පෙම්වතාට හෝ පෙම්වතියට ඇත්තටම ආදරෙයි නම් ඔවුන්ගේ බැඳීම මත්තෙ ඉන්නවා මිසක තුන්වැනියෙක් ගැන හිතන්නෙවත් ඔවුන්ගේ ආදරය අතරට එන්න පුළුවන් වෙන පුංචිම විදිහෙ අනුබලයක්වත්, සහයෝගයක්වත් ලබාදෙන්නෙ නැහැ. එහෙම අනුබලයක් දුන්නොත් හැරෙන්න තුන්වැනියෙක්ට නිකන්ම ආදරය අතරට එන්නත් බැහැ.


ඒ වගේ අවස්ථාවල⁣ට මුහුණදීලා තියනවද?


ඔව්. තුන්වැනියෙක් අතරට ඇවිත් මගේ ආදරය හොරකම් කරපු අවස්ථා තියනවා.


ප්‍රතික්ෂේප වීම ගැන මොකද හිතන්නෙ?


ප්‍රතික්ෂේප වීම තමයි මගේ ජීවිතයේ ලබපු හොඳම දිරිගැන්වීම. පුංචි කාලෙ ඉඳලා මම එක එක විදිහේ ප්‍රතික්ෂේපවීම්වලට ලක්වුණා. මට දෙයක් කරන්න බැහැ. මම අසමත් කියලා මිනිස්සු කියපු වෙලාවල්වලදි වගේම සමහරු මාව එපා කියලා අතහරිද්දි මම කවදාවත් සැලුනෙ නැහැ. මට හැමදාම ඕන වුණේ ඒ ප්‍රතික්ෂේපවීම්වලට අභියෝග කරලා එතැනින් එහාට ගිහින් මගේ ජීවිතය හදාගන්න. අද මගේ ජීවිතය මේ තාක් දුරට සාර්ථක වෙලා තියෙන්නෙ එදා ඒ විදිහට ප්‍රතික්ෂේප වුණ නිසාම තමයි.


වැඩිපුර කැමැති මහත් වෙන්නද කෙට්ටු වෙන්නද?


මම ගොඩක් කැමැති මහත් නොවී කෙට්ටු විදිහට ඇඟ හැඩට තියගාන්න. හැබැයි ඒ විදිහට ඉන්න තමයි ⁣ටිකක් අමාරුයි. වැඩකටයුතුත් එක්ක ව්‍යායාම කරන්න වෙලාව අඩුයි. ඉස්සර නම් නිතරම ජිම් ගිහින් ව්‍යායාම කරලා ඇඟ හැදුවා. දැන් ජිම් යන්න වෙලාව නැහැ. වැඩ ටිකක් අඩුවුණාම ආපහු ජිම් ගිහින් ව්‍යායාම කරලා ඇඟ හැඩට හදන්න හිතාගෙන ඉන්නවා.


ගොඩක් රසිකයෝ කියනවා නේද කෙට්ටුවට වඩා මහත ඔබට ලස්සනයි කියලා ?


මට තියෙන්නෙ රවුම් මුහුණක්. ඒකයි මහත්වුණාම ලස්සනට පේන්නෙ. ගොඩක්ම කෙට්ටු විදිහටත් නැතුව ගොඩක්ම මහත විදිහටත් නැතුව මධ්‍යම ප්‍රමාණයට ඇඟ ලස්සනයි කියලා මට හිතෙනවා. දැන් මම උත්සාහ කරන්නෙ ඇඟේ හැඩය පේන විදිහට මධ්‍යම ප්‍රමාණයට ඇඟ පවත්වාගෙන යන්න.


ආදර යෝජනා එනවා ඇති නේද ?


ආදර යෝජනා නම් ඕන තරම් එනවා. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය බලන රසිකයන්ගෙන් පවා ආදර යෝජනා ඇවිත් තියනවා. හැබැයි මම තාම ඒ එකක් ගැනවත් හිතලා නැහැ.


මොන වගේ කෙනෙක්වද බලාපොරොත්තු වෙන්නෙ?


මාව තේරුම් අරන් මට ආදරේ කරන වගේම හොඳ අනාගතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන කෙනෙක්ව තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.


රංගන ශිල්පී යෂ් වීරවර්ධන එක්ක ප්‍රේම සම්බන්ධතාවක් තියනවා කියන කතාව ඇත්තද?


ඒක බොරුවක්. අපි දෙන්නා හොඳ යාළුවො. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ප්‍රවර්ධනයට තමයි එහෙම කතාවක් හැදුවෙ.


හැබැයි රසිකයෝ කැමතියි ඔබලා දෙන්නා පෙම්වතුන් වෙනවට?


ඔව්, රසිකයෝ නම් ගොඩක් කැමතියි. හැබැයි අපි දෙන්නා නම් ප්‍රේම සම්බන්ධතාවක් පටන්ගන්න අදහසක් නැහැ. එහෙම විශේෂ මොනවහරි වෙනවා නම් අනිවාර්යයෙන් පිනිපලසට කියන්නම්.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තුන් වෙනියෙක් ඇවිත් මගේ ආදරය හොරා ගත්තා Rating: 5 Reviewed By: webgossip24.com