728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 4, 2023

අස්භාවික ක්‍රියාවක නිරත වූ දියණියගෙත් ඥාති සහෝදරියගෙත් රහස් ප්‍රදේශයට මව රත් වූ හැන්ද තියලා

 එකොළොස් හැවිරිදි තම බාලවයස්කාර දියණීය ඇගේ ඥාති සහෝදරිය සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවක හැසිරුණැයි දියණීයන් දෙදෙනාගේම රහස් ප්‍රදේශය ඇලුමීනියම් හැන්දක් රත්කර පු`ථස්සා කෲරත්වයට පත් කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් මවක ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (04) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ  සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි ඩෙවින්තා ඉෂානි පෙල්මිමන් නැමැති කාන්තාවය.

අවුරුදු 11ක් වයසැති ගැහැණු දරුවන් දෙදෙනකුගේ රහස් ප්‍රදේශ පුලුස්සා කෲරත්වයට පත්කර ඇතැයි සදහන් කරමින් කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසිය කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

සැකකාරිය, වයස අවුරුදු 11ක් වන ඇගේ දියණීය සහ සැකකාරියගේ සහෝදරියගේ දියණීය මෙලෙස පුලුස්සා ඇති බවත් මේ වන විටත් එම දැරියන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අස්භාවික ක්‍රියාවක නිරත වූ දියණියගෙත් ඥාති සහෝදරියගෙත් රහස් ප්‍රදේශයට මව රත් වූ හැන්ද තියලා Rating: 5 Reviewed By: webgossip24.com