728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 18, 2023

නැති වැරදි හදා ජනතාවට හිරිහැර කරන පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු මෙන්න - ජායාරූප

 පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එකතුවී මාර්ගයේ ගමන් කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙකුට පහරදුන් සිද්ධියක් කඳාන ප්‍රදේශයෙන් වාර්තා විය.

එම නිලධාරීන් පිරිස අතර සිටින එක් නිලධාරියෙකුට එවැනි සිද්ධි රැසක් සම්බන්ධයෙන් චෝදනා ද එල්ලවී ඇති පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

මීට මාස කිහිපයකට පෙර වෙනත් පොලිස් ස්ථානයක සිට ඔහු කඳාන පොලිස් ස්ථානයට මාරුවීමක් ලබා පැමිණ තිබුණි.

ප්‍රියන්ත නම් එම නිලධාරියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත් ඔහුගේ සේවා කාලය තුළ සිවිල් පිට ජංගම සේවයේ නිරතවෙමින් විවිධ පුද්ගලයින් පීඩාවට පත්කර ඇති බවත් වාර්තා වෙයි.

රාජකාරී වේලාවේදීත් මත්වී සිටින එම නිලධාරියා සිය බලය උපරිම ලෙස භාවිත කරමින් අහිංසක තරුණයින්ට අමානුෂික ලෙස පහරදී පොලීසියට රැගෙන ගොස් විවිධ වැරදි සිදුකළ බවට චෝදනා නගා කටයුතු කර ඇති බවද වාර්තා වී තිබේ.    

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ ද එවැනි එක් අවස්ථාවකි.

මාර්ගයේ ගමන්කරමින් සිටින 21 හැවිරිදි තරුණයෙකු නවතා ප්‍රශ්න කර පසුව ඔහුට පහරදීමට කටයුතු කර තිබුණි.

එම තරුණයාට මව පමණක් සිටින අතර ඇයද එම අවස්ථාවේදී රෝහල්ගතවී සිටීම හේතුවෙන් මවගේ සියලු උපස්ථාන කටයුතු සිදුකර ඇත්තේ ද ඔහු විසිනි. 

ඔහු එක් අතක ඇඟිලි පවා ආබාධයකට ලක්වී සිටින අසරණ තරුණයෙකු බවද පැවසෙයි. 
 
බලය අයුතු ලෙස භාවිත කරමින් මෙවැනි අහිංසක තරුණයින්ට විවිධ හිරිහැර සිදුකරන ප්‍රියන්ත වැනි පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සොයාබලා දැඩි නීතිමය පියවර ගැනීම පොලීසියේ රාජකාරියක් නොවන්නේද

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නැති වැරදි හදා ජනතාවට හිරිහැර කරන පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු මෙන්න - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com