728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 14, 2023

මගේ තාත්තා ජයසිකුරු මෙහෙයුමේදී නැති වුණා.තාත්තා මාවවත් මම තාත්තවත් දැකලා නැහැ


 නවක රංගන ශිල්පිනියක් විදිහට මේ දවස් වල  පුංචි තිරයෙන් ප්‍රසිද්ධ වුණු කලාකාරිනියක් තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ලෝයර් නෝනා.ඇය නමින් ඉසුරින්දි පියසේකර.ඉසුරින්දි රංගනයට විතරක් නෙවෙයි ගායනයටත් නිවේදනයටත් දක්ෂයි.ඇය මේ දවස්වල නම් වැඩි වශයෙන් කියා දෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණයේ රූගත කිරීම් එක්ක කාර්යබහුල වෙනවා කියලත් සඳහන් කරනවා.

ඇයට කියාදෙන්න ආදරේ තරම් ටෙලි  නිර්මාණයට ආරාධනා ලැබෙද්දී ඒ වෙනකොටත් වෙනත් නාලිකාවක නිවේදන කටයුතු කර කර තමයි ඉඳලා තියෙන්නේ.කොහොම හරි වෙලාව හදාගෙන ඇය මේ චරිතය වෙනුවෙන් කැප වෙන්න තීරණය කරනවා. ඒ වගේම තමයි අයගේ ගේ පෞද්ගලික ජීවිතේ ගත්තහම  පුංචි කාලේ ඉඳන්ම ඇය හැදී වැඩෙන්නේ අම්මත් එක්ක.ඇගේ ජීවිතයේ හෙවනැල්ල තමයි අම්මා.ඉතින් තාත්ත ගැන ඇයට මතකයක් නැහැ.අම්මා කියපු දෙයක් විතරයි ඇය තාත්තා ගැන දන්නේ.ඒ සම්බන්ධයෙන් ඉසුරින්දි කිව්වේ මේ වගේ සංවේදී කතාවක්.

“මම මගේ තාත්තව දැකලා තියෙන්නේ ඡායාරූපයකින් විතරයි.තාත්තගේ මරණයක් මගේ උපතක් සිදු වුණේ එකම අවුරුද්දේ.මගේ තාත්තා හිටපු යුධ හමුදා නිලධාරියෙක් ජයසිකුරු මෙහෙයුම යෙදි මගේ තාත්ත දිවි පිදුවා.තාත්තා මාව වත් මම තාත්තව වත් දැකලා නැහැ.මට තාත්තා නැති වෙන්නේ වෙන්නේ 1998 අප්‍රේල් මාසයේ.මම ඉපදෙන්න 1998 ජූලි මාසේ.තාත්තා නැති වෙලා මාස තුනකින් මෙලොව එළිය දැකපු මාව රකින්න මේ තරම් උස් මහත් කරන්න මේ තැනට ගේන්න මගේ අම්මා ගොඩක් කැපකිරීම් කළා.මටවත් අක්කටවත් කවදාවත් තාත්තා නැති අඩුව අම්මා දැනෙන්න දීලා නැහැ”

ඉතින් ඇයගේ තාත්තා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවිපුදාද්දි තමන්ට ඉපදෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක් ද කියලවත් දැනගෙන ඉඳලා නැහැ. කොහොම නමුත් අද වන විට ඇය කලාව තුළ බැබළෙන තාරකාවක් වෙලා අවසන්.ඉතින් අයගේ ඉදිරි වැඩ වැඩකටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි සුබ පැතුම් එක් කරන්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මගේ තාත්තා ජයසිකුරු මෙහෙයුමේදී නැති වුණා.තාත්තා මාවවත් මම තාත්තවත් දැකලා නැහැ Rating: 5 Reviewed By: webgossip24.com