Friday 11, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 5, 2023

Unknown සිරුරෙන් වෙන් වූ අත පැය 4 ක ශල්‍යකර්මයකින් බද්ද කල කෑගල්ල රෝහලේ විශ්මිත සැත්කමේ ජායාරූප


 කෑගල්ල එරබඳුපිටිය ප්‍රදේශයේ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි තරුණියගේ අතට මන්නා ප්‍රහාරයක් එල්ලවී ඇත..එම ප්‍රහාරයෙන් තරුණියගේ වම අතේ පහළ කොටස වෙන්වී ගොස් තිබූ බව වෛද්‍යවරුන් පවසයි.

කෙසේ වෙතත් අයිස් බෑගයකට දැමූ එම තරුණියගේ වෙන් වී ගිය අතේ කොටස සමඟ තරුණිය කඩිනමින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සිරුරෙන් වෙන්වී ගිය අත බද්ධකිරීම සඳහා සැත්කමක් ආරම්භ කර තිබේ.

විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා හා සහයක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය, සෞඛ්‍ය සහයක කණ්ඩායම් සහ ලේ බැංකුව විසින් ලබාදුන් නොමද සහාය මත එම තරුණියගේ අත සාර්ථකව බද්ධ කිරීමට හැකියාව ලැබී ඇත..

ශල්‍යකර්මයෙන් අනතුරුව තරුණිය කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර තරුණියගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසයි.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සිරුරෙන් වෙන් වූ අත පැය 4 ක ශල්‍යකර්මයකින් බද්ද කල කෑගල්ල රෝහලේ විශ්මිත සැත්කමේ ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com