728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 7, 2023

මින් මතුවට මුහුණු පොතේ මඩ බෑ - පනත මේ සතියේ - වරදක් කලොත් ලැබෙන දඩුවම මෙන්න


 සමාජ ජාලා ඔස්සේ අපහාස කිරීම් සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් සමාජ ආරක්ෂක පනත් කෙටුම්පතක් මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම සමාජ ආරක්ෂක පනත (Online Protection Act) ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. 


වසර තුනක් තිස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍රමාදවෙමින් තිබුණ මෙම පනත වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත.


සිංගප්පූරු රජයේ ප්‍රවීණයන්ගේද සහාය ගනිමින් මෙම පනත සකස් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය පත් කළ විශේෂ කමිටුවක් මගිනි. හිටපු අධිකරණ ඇමැති අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් මෙම පනත ගෙනඒම සඳහා කටයුතු යෙදුණු අතර ඔහුගෙන් පසුව අධිකරණ ඇමැති ලෙස පත් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ උපදෙස් මත පනත ගෙන ඒමේ අවසන් අදියර ක්‍රියාත්මක විය.


මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර නිරීක්ෂණය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවා නීතිපති උපදෙස්ද ලබාගෙන ඇත.


ඉන්දීය රජයක් මෙවැනි පනතක් ගෙනවිත් තියෙනවා. කිසිම කෙනකුට මින් ඉදිරියට පදනමක් නැතිව සමාජ මාධ්‍යවලින් මඩගහන්න බෑ. ඒහෙම කළොත් ඒ අය නීතිය හමුවට ගෙන ඒමට හැකිවෙනවා යැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මින් මතුවට මුහුණු පොතේ මඩ බෑ - පනත මේ සතියේ - වරදක් කලොත් ලැබෙන දඩුවම මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com