728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 26, 2023

සුමිහිරි පානේ පදම මදි වෙලා ගේන්න ගිය තරුණයාගේ නිසල සිරුර නිවසට - Video

 


 ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට බලහත්කාරයෙන් ගොඩවී රියැදුරුගේ ගෙල මිතුරා මිරිකද්දි ඒ පසුපස හඹාගිය යතුරුපැදිකරුවකු මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ 29 වැනි වියේ පසුවූ පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේ පදිංචි විතාන මුදියන්සේලාගේ මල්ක මදුසංක නැමැති අයෙකි. 


මියගිය තරුණයාගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් නිවසේ පැවති ප්‍රිය සම්භාෂණය දී මත්පැන් නිමවීමෙන් අනතුරුව මියගිය තරුණයා මිතුරකු සමඟ මත්පැන් රැගෙන ඒම සඳහා පැමිණීමේ දී මෙම සිදුවීම සිදුව ඇතැයි පොලිසිය කියයි.


මියගිය යතුරු පැදිකරු මිතුරා නංවාගෙන බැද්දගානේ සිට නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එලෙස පැමිණෙන විට මීට කලකට ඉහතදී පොළියට මුදලක් ලබාගෙන එය නොදී මග හරිමින් සිටී ත්‍රීරෝද රියැදුරු දැකීමත් සමග යතුරු පැදියෙන් ත්‍රිරෝද රථයට මඟ හරස් කර ඇති අතර ඒ සමගම ත්‍රිරෝද රථ රියැදුරු එය මගහැර පලා යාමට උත්සාහ දැරීමේදී  යතුරුපැදිකරුගේ උපදෙස් මත පසු පැදිකරු ත්‍රීරෝද රථයට බලහත්කාරයෙන් නැඟ ත්‍රිරෝද රථ රියැදුරුට පහරදී ගෙල මිරිකා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියැදුරු එයින් බේරීම සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත රථය ධාවනය කර ඇති බවත් තදින් ගෙළ සිර කිරීම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය පුරා ත්‍රිරෝද රථයේ ඒ මේ අත යාමේදී ත්‍රීරෝද රථයට සමාන්තරව ත්‍රීවීල් රථයේ රියැදුරුට බැණ වදිමින් තර්ජනය කරමින් පැමිණි යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් පෙරළි ජුබිලි කණුව දෙස සිට පිටකෝට්ටේ දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ඉදිරිපස ගැටී මීටර් 10 ක පමණ දුරක් ඇදීගොස් නැවතී ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.


මෝටර් රථයේ ඉදිරිපස වැදි විසිවී ගිය යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා සිටි බැවින් ප්‍රතිකාර සඳහා විගස දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළද ඒ වනවිටත් යතුරුපැදිකරු මියගොස් සිටි බව මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.


ත්‍රිරෝද රථය අධික වේගයෙන් ධාවනය වන අයුරුත් එහි පසුපස මිය ගිය යතුරු පැදිකරු කෑගසමින් යතුරුපැදිය පදවන අයුරු සිසිටිවි කැමරාවක සටහන්ව තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.


මෙම සිද්ධියට අදාල ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අයිස් සහ හොරයින් මත්කුඩු නැමැති මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හා යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු මත්පැන් පානය කර ඇති බව වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවත් පොලිස් නිලධාරියකු පැවැසීය.


යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු ත්‍රිරෝද රථයේ රියැදුරාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


අනතුරට ලක්වූ යතුරු පැදිය හා ත්‍රිරෝද රථයේ මෙන්ම මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.


සිද්ධියට අදාළ සැකකරුවන් අද (26) දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


මිය ගිය මෙම තරුණයා අරගල ආරම්භයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවාස අසල පැවතී විරෝධතාවයේදී පොලිස් බස්රථයකට ගිනි තැබීම මෙන්ම හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ  ප්‍රධානත්වයෙන් අරලියගහ මන්ධිරයේ පැවති රැස්වීම අවසානයේ ගෝල්ෆේස් පිටියේ අරගල භූමියට පැමිණ පහර දුන් අරාබි වසන්ත නම් පුද්ගලයාගේ පුත්‍රයා බවට මේ වන විට වාර්තා වේ

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සුමිහිරි පානේ පදම මදි වෙලා ගේන්න ගිය තරුණයාගේ නිසල සිරුර නිවසට - Video Rating: 5 Reviewed By: webgossip24.com