728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, April 20, 2023

පොදු ජන පෙරමුණේ සහ එජාප නියෝජිතයන් පිරිසක් චීනයට පිටත් වෙයි - ජායාරූප


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ එක්සත් ජාතික පක්ෂ (UNP) සාමාජිකයින්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් මේ වන විට චීනයේ සංචාරයක නිරත වෙමින් සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව එම නියෝජිත පිරිස චීනයට පැමිණ සිටින බවයි.

රාජ්‍ය අමාත්‍ය ඩීවී චානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පාක්ෂිකයින් 5 දෙනෙකුගෙන් මෙම නියෝජිත කණ්ඩායම සමන්විතයි.

දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය සංවර්ධනය, රාජ්‍ය පෞද්ගලික මැදිහත්වීම සහ චීන කොමියුනිස්ට් පක්ෂයසම්බන්ධයෙන් ඔවුන් අධ්‍යනය කරන බවයි මිලින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පොදු ජන පෙරමුණේ සහ එජාප නියෝජිතයන් පිරිසක් චීනයට පිටත් වෙයි - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com