728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 16, 2023

අලුත් අවුරුද්දට අත්තමලාගේ ගෙදර ගිහින් නොඑන ගමන් ගිය නිවේන් පුතා - වීඩියෝ


අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව ,නෙළුව ප්‍රදේශයේ පිහිටි තම ආත්තම්මාගේ නිවසට පැමිණි සිටියදි අතුරුදහන්ව සිටි වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවාගේ සිරුර නෙළුව සුදුවැල්ලාව  රංකැට ඇළේ තිබි 
අද (16) පෙරවරුවේ දි සොයාගත් බව නෙළුව පොලිසිය පවසයි.

පොලිසිය, යුධ හමුදාව හා ගම්වැසියන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදි දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇත.

දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි. පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු දරුවාගේ මරණයට හේතුව අනාවරණය කරගතහැකි බවද පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවෙකි. මෙම දරුවා තම දෙමව්පියන් සමග අලුත්ගම, දර්ගානගරයේ සිට අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇත. දරුවා සිය බිරිදගේ නිවසේ සිටියදි ඊයේ (15) අතුරුදහන් වි ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අලුත් අවුරුද්දට අත්තමලාගේ ගෙදර ගිහින් නොඑන ගමන් ගිය නිවේන් පුතා - වීඩියෝ Rating: 5 Reviewed By: webgossip24.com