728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 7, 2023

මම දෙවැනි විවාහයකට යයි මාත් අකමැති නෑ එයා ආයෙමත් සැරයක් විවාහ වෙනවාට - සේමිණී ඉද්දමල්ගොඩ


 සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ සිනමාව තුළත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් ආන්දෝලාත්මක චරිත රැසක් ම නිරූපණය කරපු දක්ෂ රංගන ශිල්පිනියක්.යකඩ පිහාටු ඒ වගේම එයා දැන් බැඳලා ආදරේ ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වෙච්ච සිනමා නිර්මාණ සහ ටෙලි නිර්මාණ වලට ඇයට දායකත්වය දක්වන්න අවස්ථාව උදා වෙලා තියෙනවා.

සේමිණි ඉද්දමල්ගොඩ කියන මේ චරිතය ගැන කතා කරද්දී ඇය කලාවට එන්නේ කසාද බැන්දට පස්සේ.ඒ ශ්‍රියානි අමරසේන මහත්මියගේ ආරාධනාවක් නිසා.එදා ඉරබටු තරුව කලා නිර්මාණයත් එක්ක එකතුවෙලා කලාවට ආපු සේමිණි අද වන විට බොහෝ කලා නිර්මාණයන් රැසකට සම්බන්ධ නොවුණත් ඇය සම්බන්ධ වෙච්ච හැම නිර්මාණයකටම ඉහළම සාධාරණයක් ඉටු කළා.

මේ වෙද්දි ආදරණීය දියණියකගේ මවක් විදිහට පොලිස් සේවයේ නිරත වෙලා ඉන්න තමන්ගේ  ස්වාමිපුරුෂයා එක්ක ඇය හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා.ඒ වගේම ඇය කලාවත් එක්කත්  සම්බන්ධවෙලා වැඩ කටයුතු කරනවා. ඒ වගේම තමයි ඇය වගේම ලස්සන දියණියත් කලාවත් එක්ක සම්බන්ධ කරන් නැද්ද කියලා කියලා අහපුවාම සේමිණී කිව්වේ දුව කලාවට එන්න එතරම් කැමැත්තක් නැහැ කියලා.ඒ වගේම තමයි පසුගිය දවසක ඇය සහභාගි වෙච්ච වැඩසටහනකදී වැඩසටහනකදී නිවේදකයා අහනවා ස්වාමිපුරුෂයා නැති උනොත් වුනොත් ඔබ දෙවැනි විවාහයකට යනවද ඒවගේම ඔබ නැති උනොත් ස්වාමිපුරුෂයා දෙවැනි විවාහයකට යනවට ඔබ කැමති ද කියන ප්‍රශ්නය.ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම අකමැති වෙන්නෑ එයාටත් ජීවිතයක් තියෙන්න ඕනේ.එයාටත් ඉදිරියක් තියෙන්න ඕනේ එහෙම කෙනෙක් විවාහ කර ගත්තට මම වැරැද්දක් දකින් නෑ.දැන් මම ඔහොම කිව්වට හොල්මනක් වෙලා වත් එයිද දන්නෑ.සමහරක් විට මමත් දෙවැනි කසාදයකට යන්න පුළුවන් එහෙම වුනොත් කාලයක් ගියාට පස්සේ.මම සතුටින් ජීවත් වෙන්න කැමැති කෙනෙක්.මට තනිකමක් පාළුවක් දැනුනොත් මට ආදරේ කරන කෙනෙක් හමු වුණොත් එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.”

ඉතින් සේමිණි ඉද්දමල්ගොඩ එක්තරා අවස්ථාවකදී ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීලා තිබුනේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම දෙවැනි විවාහයකට යයි මාත් අකමැති නෑ එයා ආයෙමත් සැරයක් විවාහ වෙනවාට - සේමිණී ඉද්දමල්ගොඩ Rating: 5 Reviewed By: webgossip24.com