728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 28, 2023

මුහුණු පොතෙන් බාලවයස්කාර දැරියන් පරිස්සම් කරගන්න – මෙන්න අවුරුදු 15ක දැරියකට වෙච්ච දෙයක්


  වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙක් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය පසුගිය 24 වැනිදා නියෝග කළා.

දිවුලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.

සැකකාර තරුණයා අදාළ බාලවයස්කාර 15 හැවිරිදි දැරිය මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති අතර, පසුව දැරියගේ ඉල්ලීම මත තරුණයා මාතර සිට දිවුලපිටියට ඇයව මුණගැසීමට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එලෙස පැමිණි තරුණයා දැරිය හමුවී ඇය පදිංචිව සිටි කිරි අම්මාගේ නිවසට ගොස් දින කිහිපයක්ම එම නිවසේ රැඳී සිට ඇති බවයි පොලිසියට කරුණු අනාවරණය වී ඇත්තේ.

තම දියණිය නාඳුනන තරුණයකු සමඟ ඇයගේ කිරි අම්මාගේ නිවසේ රැඳීසිටින බවට දැරියගේ මවට ලද තොරතුරක් මත, මව විසින් දිවුලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඔහු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන දැරිය මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව මව භාරයේ පසුවන බවට ද අධිකරණයේ දී වැඩිදුරටත් කරුණු අනාවරණය වුණා.

දැරියගේ පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බවත්, මව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් දැරිය දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කිරි අම්මා භාරයේ හැදී වැඩී ඇති බවයි වාර්තා වුණේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මුහුණු පොතෙන් බාලවයස්කාර දැරියන් පරිස්සම් කරගන්න – මෙන්න අවුරුදු 15ක දැරියකට වෙච්ච දෙයක් Rating: 5 Reviewed By: webgossip24.com