728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 16, 2023

චීනයට යන රිළවුන් ඇල්ලීමට විශේෂ කූඩුවක් – අල්ලන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක්


 මෙරට වගාවන්ට හානි සිදුකරන රිළවුන් චීනයේ සත්වෝද්‍යාන වෙත ලබා දීමේ තීරණයට විවිධ පාර්ශ්වයන් තම විරෝධතාවය ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් මෙරට රිළවුන් වගා බිම් වලින් ඉවත් කිරීමේ කෘෂිකර්ම අමාත්‍යංශ තීරණයට සියලුම දිස්ත්‍රික් ගොවි සංවිධානවල සහයෝගය ලබාදීමට එකඟව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

එම රිළවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කළ හැකි විශේෂ කුඩුවක් හඳුන්වාදීමට සහ රිළවුන් අල්ලන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් ලබා දීමේ සැළැස්මක් ද කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් 100,000ක් චීනයට ලබා දීමේ තීරණයට පරිසර සංවිධාන සහ විවිධ පුද්ගලයින් චෝදනා කළද මේ වන තෙක් තම වගාබිම් වලට රිළවුන්ගෙන් සිදුවන හානියට කිසිඳු පුද්ගලයෙකු විසඳුම් ලබා දී නොමැති බව ගොවීන් ප්‍රකාශ කරන බව අමාත්‍යංශය දන්වා සිටිනවා.

මේ අතර සත්ත්ව සුබ සාධන සංවිධානයක් ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ගොවීන්ගේ වගාබිමෙන් අක්කර බාගයක පමණ ප්‍රමාණයක් වන සතුන් වෙනුවෙන් වෙන් කරන ලෙසයි.

එවිට වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය අවමකරගත හැකි බව එම සංවිධානය පෙන්වා දෙනවා.

එම කටයුතු සඳහා මැදිහත්කරුවෙකු ලෙසින් ක්‍රියාකරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ද ඉල්ලීමක් කර තිබෙන බවයි අමාත්‍යංශ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ මෙරට රිළවුන් අපනයනය කිරීම සඳහා අමාත්‍යංශයට බලයක් නොමැති බවයි.

වනජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර එම කමිටු නිර්දේශයට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බවයි අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටින්නේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: චීනයට යන රිළවුන් ඇල්ලීමට විශේෂ කූඩුවක් – අල්ලන පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් Rating: 5 Reviewed By: webgossip24.com