728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 28, 2023

60 හැවිරිදි ඉතාලි පෙම්වතියට ශ්‍රී ලාංකික තරුණයා කරපු අදහාගත නොහැකි අවාසනාවන්ත සිදුවීම


 රට රැකියාවන් වලට අපේ තරුණ පිරිස් වගේම වැඩිහිටියන් පවා මේ වන විටනම් වැඩි ආකර්ෂණයක් දක්වනවා. මේ කාරණයට හේතූ වූ කාරණා කිහිපයක්ම තියෙනවා. අපේ රටේ වර්ථමාන ආර්ථික අපහසුතාවයන් දරා ගන්න නොහැකි වුණු තැන හැමෝම සරණක් පතන්නේ විදෙස් රටකට ගිහින්. කවුරුත් බලන්නේ තමන්ගේ ආදරණීයයන් සතුටින් තියන්න නිසාම මේ විදෙස් රැකියාවලට අපේ තරුණයින් විදෙස්ගත වීම මේ වන විට සාමාන්‍ය දෙය බවට පත් වෙලා.

ඉතින් අපේ සමාජයේ දකින්න ලැබෙන දෙයක් ගැනයි මේ කියන්න යන්නේ. අපේ රටේ ඉදලා රට රැකියාවකට ගිය තරුණයෙක්ට මුහුණ දෙන්න වුණු සිදුවීමක් තමයි මේ. මේ තරුණයා ලංකාවෙන් ඉතාලියට යන්නේ කුමක් හෝ රැකියාවක් කරලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටයි. මේ විදියට රැකියාවක් සොය යමින් සිටින මෙම තරුණයාට එක්තරා කාන්තාවක් මුණ ගැහෙනවා.

ඉතින් මේ කාන්තාව 60 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක්. කොහොමහරි රැකියාවක් අපේක්ෂාවෙන් ගිය අපේ ලාංකීය තරුණයාට මේ කාන්තාව නිසා රැකියාවක් ලැබෙනවා. ඒ මේ කාන්තාවක් බලා ගැනීමට. කෙසේ හෝ රැකියාවක් නිසා එය සතුටින් භාර ගන්න ලාංකීය තරුණයා කඩවසම් ආකර්ෂණීය පෙනුමක් තියෙන කෙනෙක්. ඒ නිසාම මේ 60 හැවිරිදි කාන්තාවට තමන්ව බලා ගන්න තරුණයා ගැන හිතක් පහල වෙනවා.

මේ බව දැනගන්න ලාංකීය තරුණයා කාගේ හෝ පිහිටක් නැතිව අසරණ වෙලා හිටපු ඔහුට අස්වැසිල්ලක් දුන් කාන්තාව ගැන දෙපාරක් හිතුවෙ නෑ. ඒ විදියට ආදරය මෝරලා ටිකෙන් ටික කාලය ගත වුණා. ඉතාලි ජාතික කාන්තාවට ලාංකීය තරුණයාගේ ආදරය නොමදව ලැබුණු නිසා ඇය ඇගේ මුලු ජීවිත කාලය පුරාවට හම්බකරගත් දේපලවලින් බාගෙට බාගයක්ම ලාංකීය තරුණ පෙම්වතාට ලිව්වා.කාලය ගත වුණා. ගංගාවක් වුණත් ගලාගෙන යන්නේ විවිධ බාධක හමුවේ නිසාම මේ දෙන්නගේ ආදර කතන්දරයටත් ප්‍රශ්න එන්න පටන් ගත්තා. මේ ඉතාලි ජාතික කාන්තාවට ඇගේ කලින් විවාහයේ දියණියක් සිටිනවා. ඉතින් තමන්ගේ අම්මා කල මේ මෝඩ ක්‍රියාව ගැන ඇය දැන ගන්නවා.

දැන් තමයි මේ කතාවේ අහන්න ලැබෙන අවාසනාවන්තම සිදුවීම. ටික කාලයක් ගියාම අහන්න ලැබෙනවා මේ ලාංකීය තරුණයෙක්ට පෙම් බැදි 60 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාව ඇගේ වාහනය තුළ පිළිස්සුම් තුවාළ සහිතව මරණයට පත් වෙලා කියලා. මේ බව දැනගත් ඉතාලි පොලිසිය වහාම මේ ගැන ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. හැමෝම හිතුවේ ලාංකීය තරුණයා මේ සිදු වීමට හේතු වුණා කියලා. නමුත් පසුව බලනවිට ඔහුත් මරණයට පත් වෙලා තිබුණා.

මේ සිදු වූ දෙය ඇත්තටම පැටලිලි සහගත දෙයක්. ඉතාලි පොලිසියට පවා නිශ්චොත නිගමනයකට එලඹෙන්නට නොහැකි ආකාරයටම මේ සිදුවීම කුතුහලයක් දනවන සිද්ධියක්. මෙහි කාරණා කිහිපයක්ම තියෙනවා. එකක් ඉතාලි කාන්තාවගේ ජීවිතයට හානියක් කලේ ලාංකීය තරුණයා. ඉන් පසුව තමා වරදකරු යැයි අසුවේවී යන බියෙන් ඔහුත් ජීවිතය නැති කරගන්නවා. එසේත් නැතිනම් මෙය මාෆියා කල්ලියක් විසින් සිදු කල අපරාධයක් බව.

කෙසේ වෙතත් නිශ්චිත නිගමනයකට එන්න බැරි තරමේ ගැටලුවක්ව තියෙන මේ කතාවේ අග මුල නිසි අයුරින් විසදෙන තුරු අපිත් නොයිවසිල්ලෙන් බලා සිටින්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 60 හැවිරිදි ඉතාලි පෙම්වතියට ශ්‍රී ලාංකික තරුණයා කරපු අදහාගත නොහැකි අවාසනාවන්ත සිදුවීම Rating: 5 Reviewed By: webgossip24.com