728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 7, 2023

දකුණේ තරුණයෙක් ඝාතනය කර වළදමලා - හොඳම මිතුරා අතුරුදහන් (ජායාරූප)


 ඇල්පිටිය ඇත්කදුර දිවිතුරවත්ත වැව රවුම ඇඹිලකන්ද් කටුපොළ වගා භූමියක  ඝාතනය කොට වළ දැමූ බව කියන  විසි එක් හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (7දා)පස්වරුවේ සොය ගත් බව් ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ ඇල්පිටිය ඇත්කදුර දිවිතුරවත්ත නිවාස වීස්ස ලිපිනයේ පදිංචි චන්දකුමාර සරත් කුමාර නමැත්තාගේ සිරුර බවද පොලීසිය කියයි.

මිතුරන් පිරිසක් සමග ගොස් දින දෙකක් තිස්සේ මේ තරූණයා අතුරුදහන්ව ඇති බවට ඥාතීන් දැමූ පැමිණිල්ලක් ද තිබෙන බවද පොලීසිය කියයි.

මිය ගිය තරුණයා ගියේ යයි කියන ඔහුගේ හොදම මිතුරාද මේ වනවිට අතුරුදහන්ව ඇති බවත් ඔහුගේ දුරකතනයද කියාවිරහිත බවත් පොලීසිය කියයි.

අතුරුදහන් මිතුරාගේ නිවසේ තිබී මිය ගිය තැනැත්තාගේ යතුරු පැදිය සොයා ගත් බවද පොලීසිය කියයි.

මළ සිරුර භාගෙට වළ දමා තිබූ ස්ථානයේ තිබී ඔහුගේ මුදල් පසුම්බිය සොයා ගත් බවත් ඒ අනුව මේ මළ සිරුර දින දෙකකට පමණ පෙර අතුරුදහන්වූ තරුණයාගේ බව හදුනාගත් බවද පොලීසිය කියයි.

ඇල්පිටිය පොලිස් අධිකාරී වසන්ත කන්දවත්ත මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය මූලස්ථාන පධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දකුණේ තරුණයෙක් ඝාතනය කර වළදමලා - හොඳම මිතුරා අතුරුදහන් (ජායාරූප) Rating: 5 Reviewed By: webgossip24.com