728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 19, 2023

මගේ අණට ඉහලින් කිසිවක් බෑ - ඇමති සනත් පුත්තලමේ අල්ලපු පොලිස් අඩව්ව මෙන්න


 ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු  ලැබූ මීගමුව කොට්ඨාසයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ආර්. අබේනායක මහතාගේ එම පත්වීම  පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත (19) අත්හිටුවා ඇතැයි  ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ආණමඩුව පොලිස් ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයකු පත් කළේ යැයි කියමින් එම රාජ්‍ය අමාත්‍යවරයා ඉහළ බලධාරීන්ට බලපෑම් කර මෙම පත්වීම අවලංගු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම ස්ථාන මාරුව අවලංගු කරවීමට මැදිහත් වූයේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාකාරකම් සහ සමහර ප්‍රකාශ සමාජයේ දැඩි ආන්දෝලනයකට ද කතාබහකට ද ලක්වූ බව කියති.

 පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි කිසිම පොලිස් ස්ථානයකට තමාගේ අනුදැනුමකින් තොරව පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කිරීමට ඉඩ නොතබන බවට ද මෙම රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

ආණමඩුව පොලිස් ස්ථානයට පත් කළ මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ එම පත්වීම අවලංගු කිරීම ගැන පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව ද එම ආරංචි මාර්ගවලින්  වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ  ලේකම්ගේ අනුමැතිය ඇතිව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ ද ආවරණ අනුමැතියට යටත්ව ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආණමඩුව පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර ඇති බව විශේෂ පොලිස් පණිවිඩයක් මගින් පොලිස්පතිවරයා පෙරේදා (18) දැනුම් දී තිබිණි.

මෙම විශේෂ පොලිස් පණිවිඩය ලැබුණු දිනට පසු දින එනම් ඊයේ ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කළ ප්‍රධාන පොලිස්  පරීක්ෂක අබේනායක මහතාගේ එම පත්වීම අවලංගු කළ බව සඳහන් කරමින් පොලිස්පතිවරයාම නැවතත් විශේෂ පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මගේ අණට ඉහලින් කිසිවක් බෑ - ඇමති සනත් පුත්තලමේ අල්ලපු පොලිස් අඩව්ව මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com