728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 7, 2023

එංගලන්තයේදී අපිට හැමදේම තිබ්බා මොනවා තිබ්බත් වැඩක් නෑ දරුවෙක් නැතුව ඒකයි ලංකාවට ආවේ


  ගැඹුරු ආකර්ෂණීය කටහඬකට උරුමකම් කියන ඒ වගේම රියලිටි වේදිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහුට අදටත් ආදරේ කරන රසිකයන් පිරිසක් ඉන්නවා.එකෙන් මේ සුන්දර කලාකරුවා තමයි සුපර් ස්ටාර් වේදිකාව හරහා කරළියට ආපු අමිල පෙරේරා.

ගායකයෙක් විදියට ඔහුගේ ජීවිතය සුවිශේෂී අවස්ථාවක් තමයි හිරු මැකී යයි නීල අහසේ කියන ගීතය ගායනා කිරීම.ඇත්තටම ගැඹුරු ලයාන්විත කටහඬකින් ගායනා කරන මේ හැඟුම්බර ගීතයට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා.ඊට පස්සේ නිරන්තරයෙන්ම නිර්මාණ හරහාවත් ප්‍රසංග වේදිකාව තුළ වත් අපිට ඔහුව දකින ලැබුන් නැහැ.ඒකට හේතුව අමිල තමන්ගෙ ආදරණීය බිරිඳත් එක්ක කාලාන්තරයක් තිස්සේ විදෙස්ගතව කාලය ගත කරපු නිසයි.

ඉතාමත් පොඩි වයසකදී විවාහ වෙච්චි අමිල ජීවිතය නොයෙකුත් අභියෝග වලට මුහුණ දීපු කෙනෙක් ඉතින් ඒ සියලුම දේවල් පිළිබඳව ඔහු වේදනාබර ස්වරූපයකින් පසුගිය දවස්වල යූටියුබ් නාලිකාවක් එක්ක එකතුවෙලා අදහස් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“අපි විවාහ වුණේ පොඩි වයසකින්.ඉතින් අපි විවාහ වෙලා ටික කාලයක් හිටියා දරුවො හදන්න නැතුව. ඊට පස්සේ අපි බලාපොරොත්තු වුනොත් දරුවෙක් ලැබුණේ නෑ අපි එංගලන්තයේ ජීවත්වන කාලේ හැමදේම තිබුණා. නමුත් ඒ මොනව තිබුණත් වැඩක් නෑ දරුවෙක් නැතුව.ඒකයි ලංකාවට ආවේ ප්‍රතිකාර වලට. අපිට මිනිස්සු කියන්න ඇති වදයි කියලා මම කියන්නේ එහෙම කියන්න එපා. අම්මා කෙනෙක් වෙන්න ප්‍රතිකාර තියනවා මගේ ජීවිතේ ජීවිතයේ සුවිශේෂම දවස අපිට දරුවෙක් ලැබෙන්න යනවා කියපු එක”

ඉතින් ඔහුට ඔය විදිහට තමයි ජීවිතයේ ඉතාමත් සතුටුදායක ආරංචියක් ගැන අහන්න ලැබිල තියෙන්නෙ ඉතින් ඉදිරියටත් ජීවිතේ කිසිම දුකක් නැතුව ගත කරන්නට අමිලට හැකියාව ලැබේවා කියා අපේ පාර්ථනා එක් කරන්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එංගලන්තයේදී අපිට හැමදේම තිබ්බා මොනවා තිබ්බත් වැඩක් නෑ දරුවෙක් නැතුව ඒකයි ලංකාවට ආවේ Rating: 5 Reviewed By: webgossip24.com