Thursday 24, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, April 27, 2023

Unknown බිකිනි ඇන්ඳ කියල ගැහැනියක් නරක වෙන්නෙත් නෑ

 


නිරූපණ ශිල්පිනියක් ලෙසින් කළා ක්ෂේත්‍රයට පිවිස ඉන්පසු නිවේදන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසින්ද ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි ඩිල්රුෆා ෂනාස් කියලා කියන්නේ.

ඒ වගේම පසුගිය කාලය පුරාවට නිරූපණයෙන් දස්කම් පෑ ඇය හිටි හැටියේ ක්‍ෂේක්ෂේත්‍රයෙන් නොපෙනී ගියා. ඉතින් හැමෝම හිතුවෙ ඇය කළා කටයුතු සියල්ල හැරදාල විදෙස්ගත වුණා කියලයි. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පසුගිය කාලයේ ව්‍යාපාර වැඩ කටයුතු කිහිපයකට අතගැහුව නිසා ටිකක් කාර්යබහුල වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඊට පස්සෙ ඇය චිත්‍රපටයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් දැනට ඇය චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ඇය පහුගිය කාලයේ පාඨමාලා කිහිපයක් හදාරන්න තමයිලු නිරූපණයෙන් ඈත් වුනේ. ඉතින් ඇය ක්ෂේත්‍රයට ආවෙ දෙරණ මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකෙන්.

ඊට පස්සෙ තමයි ඇය නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. අන්තිමේ නිවේදිකාවක් විදියටත් ඇය කාලය ගෙව්වා. කොහොම නමුත් ඔය අතරෙ ඇය පාඨමාලා කීපයක් හදාරන්න විදෙස්ගත වුණා නිසා ඒකෙන් ඒ ටික ඇයට මඟහැරුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ මුල්ම චිත්‍රපටය තමයි ගිනිමල් පොකුරු.

ඉතින් ඇය ළඟදී උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඉතින් ඒක වෙනස් අත්දැකීමක් කියලත් ඇය කියනවා. ඒ වගේම බිකිනි අඳින නිරූපිකාවන් අපේ රටේ බොහෝ විට ගැරහීමට ලක්වෙනවා. ඉතින් බිකිනි එකක් කියන්නෙ ඇඳුමක් විතරයි කියලයි ඇය කියන්නේ.

ඒ වගේම මොඩ්ලර් කෙනෙක් වුණාම සමහර වෙලාවට බිකිනි අඳින්න වෙනවාලු. හැබැයි ඇය හිතන්නේ ඇඳුම නෙමෙයි වැදගත් කියලයි. ඒ බලන කෝණයයි වැදගත්. මොකද බිකිනි එකක් ඇන්ද කියල ගැහැනියක් ගණිකාවක් වෙන්නෙ නැහැ වගේම දිගට ඇන්ද කියල ගැහැනියක් හොඳ වෙන්නෙත් නැහැ කියලත් ඇය කියනවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බිකිනි ඇන්ඳ කියල ගැහැනියක් නරක වෙන්නෙත් නෑ Rating: 5 Reviewed By: webgossip24.com