728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 4, 2023

ඉස්සරට වඩා මම දැන් ගොඩක් ලස්සනයි


 මේ දවස්වල ස්වාධීන රූපවාහිනී නාළිකාවෙ විකාශය වන ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යයෙන් කලා ලෝකයට පායපු අලුත්ම තාරකාව තමයි සජී මොහොට්ටිගේ කියන්නෙ. සජී රංගන ක්ෂේත්‍රයට අලුත් වුණාට පුංචි තිරයට නම් අලුත් කෙනෙක් නෙමෙයි. වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදිකාවක් විදිහට නිතරම පුංචි තිරයෙන් රසිකයන්ගේ ආලින්දයට එන කටකාර හැඩකාරියක් තමයි සජී කියන්නෙ. දක්ෂ නිවේදිකාවක් වන සජී හදිස්සියේම නිළියක් වුණේ ඇයි කියලා ඇයගෙන්ම අහලා දැනගන්න අපි හිතුවා...


නිවේදන කටයුතු පැත්තකින් තියලා නිළියක් වෙන්න හිතුවෙ ඇයි?


රඟපාන්න ආස නිසා රංගන ක්ෂේත්‍රයට ආවා. හැබැයි නිවේදන කටයුතු පැත්තකින් තියලා නම් නෙමෙයි. නිවේදන කටයුතු සුපුරුදු පරිදි කරන ගමන් රංගනයේ යෙදෙනවා.


කොහොමද රංගන ක්ෂේත්‍රයේ අත්දැකීම?


අධ්‍යක්ෂ සාන්ත සොයිසා සහ මහේෂ් සත්සර මද්දුමආරච්චි තිර රචනය කරන ‘හීනයකි මේ අදරේ’ ටෙලි නාට්‍යය තමයි මම රංගනයෙන් සම්බන්ධ වුණ පළමුවැනි නිර්මාණය. දුලීකා මාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස් වගේ ප්‍රවීණ ශිල්පීන් එක්ක තමයි මම රංගනයේ යෙදෙන්නෙ. මගේ චරිතය හරියට කරන්න ඔවුන් ලොකු සහයෝගයක් මට දෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මම මේ දවස්වල ගොඩක් ආසාවෙන් වගේම සතුටින්ම කරන දේ තමයි රඟපෑම කියන්නෙ.


රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


කලින් ඉඳලම ගොඩක්දෙනා මගෙන් අහපු දෙයක් තමයි ඇයි මම රංගන ක්ෂේත්‍රයට එන්නෙ නැත්තෙ කියලා. මම නිළියක් වෙලා රඟපානකන් බලාගෙන හිටපු හැමෝගෙන්ම මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි ඒ විදිහෙ ප්‍රතිචාර ලැබෙන එක ගැන.


නිවේදනය අතහැරලා රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්නද කල්පනාව?


කොහෙත්ම නැහැ. නිවේදන කටයුතු තමයි අංක එක. ඊට පස්සෙ තමයි මගේ ජීවිතයේ අනිත් දේවල් තියෙන්නෙ. මේ වෙද්දි මට තවත් ටෙලි නාට්‍යයවලින් ආරාධනා එනවා. නිවේදන කටයුතු එක්ක සමබර කරගෙන රංගන කටයුතු කරන්න ඕන නිසා ඒ ආරාධනාවලට තාම මම උත්තර දුන්නෙ නැහැ.


සැබෑ ජීවිතයේදි මොනවගේ කෙනෙක්ද?


කාටවත් කරදරයක්වෙන්නෙ නැතුව පාඩුවෙ මගේ දේවල් කරගෙන විනෝදයෙන් ඉන්න කෙනෙක්.


ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද ?


ගොඩක් දෙනෙක් නිතරම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම කොහොමද ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කියලා. මොන වැඩේ තිබුණත් මම හැමදාම විනාඩි 40ක් ව්‍යායාම කරනවා. මාධ්‍යය වෘත්තියේ වැඩ කටයුතු එක්ක සමහර දවස්වලට මම ගෙදර එන්න රෑ වෙනවා. එහෙම රෑවෙලා ගෙදර ආපු දාටත් ව්‍යායාම කරලා තමයි නින්දට යන්නෙ. ඒ නිසයි මගේ ඇඟ සිහින්වෙලා ලස්සනට හැදිලා තියෙන්නෙ.


කෘතිම ක්‍රමවලින් ලස්සන වුණා කියලා පහුගිය කාලෙ ගොඩක්දෙනා කියලා තිබුණා නේද?


මම ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි සංසන්දනය කරලා හදපු ඡායාරූපයක් සමාජ මාධ්‍යයවල ප්‍රසිද්ධ කරලා සමහරු කියන්න උත්සාහ කළා මම ලස්සන වෙලා තියෙන්නෙ කෘතිම ක්‍රමවලින් කියලා. හැමදාම අපි එකම විදිහට ඉන්නෙ නැහැ. කාලෙත් එක්ක ඇඟපත, ඇඟේ පාට වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. මට ඒ ඡායාරූප ගැන දුකක්වත් තරහක්වත් හිතුණෙ නැහැ .ඇත්තටම මට ආඩම්බර හිතුණා ඉස්සරට වැඩිය දැන් මං ලස්සනවෙලා තියන එක ගැන.


ආදරය ගැන මොකද හිතන්නෙ?


ආදරය කියන්නෙ විඳින්න ඕන දෙයක්. හැබැයි විඳිනවද විඳවනවද කියන එක තීරණය වෙන්නෙ අපි තෝරගන්න කෙනා එක්ක. ඒ නිසා අපි ආදරය කරන්න කෙනෙක් තෝරගනිද්දි හොදට හිතලා තෝරගන්න ඕන.


මේ වෙද්දි පෙම්වතියක්ද?


මේ දවස්වල වැඩිපුරම කාලය වෙන්කරලා තියෙන්නෙ රංගන කටයුතුවලට සහ නිවේදන ක⁣ටයුතුවලට. ඒ නිසා ආදරය ගැන හිතන්න මට කාලයක්


පෙම්වතෙක් නැතිවුණාට ප්‍රේම ආරාධනා එනවා ඇති නේද?


ඔව්. ප්‍රේම ආරාධනා නම් ඕන තරම් එනවා. අඳුරන්නෙවත් නැතිව මට ආදරය කරන අය ඉන්නවා. සමහරු මම ආශ්‍රය කරන පිරිමි යාළුවන්ට කතාකරලා මගෙන් ඈත්වෙලා ඉන්න කියලා තර්ජනය කරන අවස්ථාත් තියනවා.


මොන වගේ කෙනෙක්ද පෙම්වතා කරගන්න ඉන්නෙ?


මාව තේරුම් අරන් මගේ ගමනට සහයෝගය දෙන ආදරණීය කෙනෙක් හම්බවුණොත් මම එයාව පෙම්වතා කරගන්නවා.


රංගන ශිල්පිනියක් විදිහට බලාපොරොත්තු මොනවද?


රංගනයට ආවා විතරයි. ඒ නිසා රංගන ශිල්පිනියක් විදිහට ලොකු බලාපොරොත්තු ගොඩ නගාගෙන නැහැ. ඉස්සෙල්ලාම රංගනය ගැන ඉගෙනගන්න ඕන. ඉගෙනගෙන මගේ දුර්වලකම්, අඩුපාඩු මගහරවගෙන නිවේදන කටයුතුත් කරන ගමන් ක්ෂේත්‍රයේ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. 


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඉස්සරට වඩා මම දැන් ගොඩක් ලස්සනයි Rating: 5 Reviewed By: webgossip24.com