728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 18, 2023

අනර්කලීයි මායි ඉස්සර හොඳ යාළුවෝ. එයා මගේ බෝයි එක්ක යාලු උනා.ඊට පස්සේ යාලුකම නැති වුණා


සචිනි අයේන්ද්‍රා කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය හරහා කතා කළ චරිතයක් බවට පත් වෙච්ච රංගන ශිල්පිනියක්.ඇයව අපට අපට නිතරම දැකබලාගන්න අවස්ථාව උදාවුණේ රිදී තිරය හරහා.පුංචි තිරයෙ නම් සචිනිව දැකගන්න තියෙන අවස්ථාවන් අඩුයි.

හැබැයි ඇය විනෝදාත්මක වැඩසටහන් වලට  සහභාගි වෙන්න නම් දෙපාරක් හිතන්නේ නැහැ.මේ විදිහට නාලිකා එක්ක එකතු වෙලා සැරෙන් සැරේ විනෝදාත්මක වැඩසටහන් එක්ක සම්බන්ධ වෙන හින්දම වෙන්න තෙක් සචිනි ලොකුවට කලා කටයුතුත් එක්ක එකතු වුණේ නැතත් අපිට අමතක නොවන රංගන ශිල්පිනියක් වෙලා තියෙන්නෙ.

ඒ වගේම තමයි ඇය ගැන කතා කරද්දී ඇයට ආදරය කරන රසිකයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා.එක් අවස්ථාවකදී සචිනි කියනවා ඇයගේ නම්බරේ ඉල්ලගෙන එක රසිකයෙක් ඇගේ ගේ ගාවටම ආවලු. ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු සචිනි කවුරු හරි කෙනෙක් ඇයට කැමැත්තෙන් ඉන්නවා නම් ඇය ඒ පුද්ගලයාට කිසිසේත් අඟවන්න නැහැල්ලු ඔහුගේ කැමැත්ත ඇයට දැනුන කියලා.

මොකද රංගන ශිල්පිනියක් උනහම ඒ විදිහට හැමෝම කැමති වෙන නිසා කැමති වන හැමෝමත් එක්ක තරහා වෙන්න ඒ කැමති නෑ කියලත් සඳහන් කළා. ඒ වගේම තමයි මීට බොහෝ කාලයකට කාලයේ අනර්කලී ආකර්ෂා සහ  සචිනි අයේන්ද්‍රා කියන්නේ හොඳම හොඳ යාළුවෝ දෙන්නෙක්.

හැබැයි අද වෙද්දි නම්  ඒ යාළුකම අපට දැකගන්න වත් අවස්ථාවක් නැහැ.ඒ කියන්නේ දෙන්නම අද වෙද්දි නම් යාලුවෝ නෙවෙයි.අනර්කලී ඇමරිකාවට වෙලා ජීවිතය ගතකරන අතර සචිනි ලංකාවේ ඉඳගෙන තමන්ගේ ආදරණීය දරුවන් දෙදෙනා එක්ක හරිම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.ඉතින් ඇයි අනර්කලී එක්ක මෙච්චර හොඳට ඉඳලා තරහා උනේ කියලා අහපු අවස්ථාවකදී සචිනි ඒකට ඇත්තම හේතුව කිව්වෙ මේ විදිහටයි.



“මටයි අනර්කලී ටයි ඉස්සර හොඳ යාළුකමක් තිබ්බා.එයා දැන් ලංකාවෙ නෑ.එයයි මායි ඉස්සර හරිම සමීප යාලුවෝ.ඊට පස්සේ එයා යාළු වුණා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක.ඊට පස්සේ යාලුකම මම එතනින් ඉවර කළා.”

ඉතින් ඔන්න ඔය විදිහේ සිදුවීමකට ඇය මුහුණ දීපු නිසා තමයි අනර්කලී ආකර්ෂා කියන ඒ රංගන ශිල්පිනියක් එක්ක ඇඟේ තිබ්බ මිත්‍රත්වය නැතිවෙලා යන්නේ.ඉතින් කොහොම හරි මේක පරණ කතාවක් නිසා ඇය ඒ ගැන වැඩියේ කිව්වේ නැහැ. කොහොම නමුත් අද වෙද්දි ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන සචිනිට තවත් බොහෝ කාලයක් ඒ විදිහටම ඉන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනර්කලීයි මායි ඉස්සර හොඳ යාළුවෝ. එයා මගේ බෝයි එක්ක යාලු උනා.ඊට පස්සේ යාලුකම නැති වුණා Rating: 5 Reviewed By: webgossip24.com