728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 11, 2023

ගොඩක් අය කියනවා මම ශලනි අක්කා වගේ කියලා.අද මම මේ තැන ඉන්නෙ එයා නිසා වෙන්න ඇති.


 කලා ලෝකය තුළ ටෙලි නිර්මාණයන් හරහා  ප්‍රේක්ෂකයන් හමුවට නිතරම දකින නැතත් තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට ඉහළ සාධාරණයක් ඉෂ්ට කරන්න ආදරණීය රංගන ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියන්නේ.මේ දිනවල පුංචි තිරයේ ඇය රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ කීපයක්ම විකාශය වෙනවා.

ඒ වගේම ඇය මේ වෙද්දි පෙම්වතියක්.පෙම්වතියක් ද නැද්ද කියලා කලින් නං කස්තුරි ප්‍රසිද්ධියේ සඳහන් කරලා තිබ්බේ නැහැ.මෑතකදී එක් වෙච්චි වැඩසටහනක් හරහා ඇය ආදරය කරනවා කියලා සඳහන් කළා.ඉතින් කස්තුරි ආදරේ කරන්න තෝරගෙන තියෙන්නෙත් රංගන ක්ෂේත්‍රයේ තවත් අතිශයින් ප්‍රසිද්ධ දක්ෂ රංගන ශිල්පියෙක් ට.ඔහු නමින් රංගන ශිල්පියෙක් සංගීත් ප්‍රභූ.

එහෙමත් නැත්නම් නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය කවඩියා කිවුවහම ඕනි කෙනෙක් ඔහු ගැන දන්නවා.

ඉතින් ඒ ආදර සම්බන්ධතාවයක් මේ වෙද්දි හරිම සාර්ථකව ඉස්සරහට යද්දි කස්තුරි තමන්ගේ වෘත්තිමය ජීවිතය ගැනත් පසුගිය දවසක විනෝදාත්මක වැඩසටහනකට සම්බන්ධ වෙලා අදහස ඉදිරිපත් කළා.

හැමෝම කියනවා කස්තුරි කියන්නේ ශලනි තාරකාගේ පෙනුම තියෙන රංගන ශිල්පිනියක් කියලයි.කලා ලෝකය ගොඩක් දෙනෙක්ට මේ දෙන්නා පැටවෙනවා කියලත් සඳහන් කරනවා. 

ඒ වගේම ශලනිට සම්බන්ධ වෙන්න බැරි ටෙලි නිර්මාණ වලට ශලනිගේ පෙනුම නිසා කස්තුරි ට අවස්ථාව හම්බෙලා තියෙනවලු.ඉතින් ඒ දේවල් සම්බන්ධයෙන් කස්තුරි කිව්වේ මේ වගේ කතාවක්.

“ශාලනි අක්කි වගේ කියලා ගොඩක් කට්ටිය කියනවා.මම ශලනි අක්කට ගරු කරනවා. මොකද වෙන අය කැමති නෑ තමන් වගේ කෙනෙක් ඉන්නවා කියලා කියන්න.ගොඩක්  අය එහෙමයි.

හැබැයි ශලනි අක්කි එහෙම නෑ. එයා මාව ගොඩක් වැඩ වලට රෙකමන්ඩ් කරනවා.ඉතින් අද මම ක්ෂේත්රය තුළ යම්කිසි මට්ටමක රැඳිල ඉන්නෙ ශලනි අක්කා නිසා කියලත් මට හිතෙනවා.”

ඒ විදිහට අවසානයේ ඇය සඳහන් කළා ශලනි අක්කා නැත්නම් අද මට මේ වගේ තැනක් හදාගන්න කිසිම අවස්ථාවක් නැති වෙන්නත් ඉඩ තිබුණා කියලා.

ඉතින් ඒ නිහතමානී නිහතමානීත්වය ට ගොඩක් දෙනෙක් හදවතින්ම ඇයට අයට ස්තුතිවන්ත වෙලා තිබ්බා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ගොඩක් අය කියනවා මම ශලනි අක්කා වගේ කියලා.අද මම මේ තැන ඉන්නෙ එයා නිසා වෙන්න ඇති. Rating: 5 Reviewed By: webgossip24.com