728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 14, 2023

අලුත් අවුරුද්ද ලබද්දි තංගල්ලේ කාල්ටන් මන්දීරයෙන් ඉතා කණගාටුදායක ආරංචියක්


 තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමග අලුත් අවුරුදු සැමරීමට එක්විය .සිංහල සිරිතට මුල්තැන දෙමින් අලුත් අවුරුදු උදාව කවදත් පවුලේ නෑ හිත මිතුරන් සහ ගම් වැසියන් සමඟ  ගමේ නිවසේ සිට සැමරීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සිරිත ය.

අවුරුදු සිරිතට නැකත් වේලාව අනුව පැමිණ සිටි පිරිස සමග ගනුදෙනු කරමින් මහින්ද රාජපක්ෂ මහතා සිරිත් විරිත්වලට සහභාගීවිය. 

නෑගම් පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහද කතා බහක නිරත වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට මෙන්ම සමස්ත රට වැසියන්ටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය.

මේ අතර ආහාර පිසීම සදහා සවස 3.29 යෙදී තිබුන සුබ නැකතට ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ලිපි ගිනි මොලවා කිරි බත් පිසිමට යෑමේදි කිරිමුට්ටිය පෙරලී ගියේය.සුලු වේලාවක් ප්‍රමාද වුවද වහා නැවතත් කිරි දමා ලිපි ගිනි මොලවන ලදී.මේ අවස්ථාව සජීවි විකාශය සමාජ ජාල වල නාමල් රාජපක්ශ මහතා විසින් ලබා දුන් අතර එම විඩියෝව දැන් ඉවත්කර ඇත. ඒ වෙනුවට ඔහු අවුරුදු සුබ පැතුමක් එක් කර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අලුත් අවුරුද්ද ලබද්දි තංගල්ලේ කාල්ටන් මන්දීරයෙන් ඉතා කණගාටුදායක ආරංචියක් Rating: 5 Reviewed By: webgossip24.com