728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, April 6, 2023

සංචාරක ඩෙන්මාර්ක් තරුණිය බේරාගැනීමට ගොස් දිවි අහිමිවූ ක්‍රිකට් වලට පන මෙන් ආදරය කල ඇල්ලේ වීරයා සඳුන්


 කිතුල්ගල සඳුන් ඇල්ලේ ත්‍රාසජනක අත්දැකම් ලබාගැනීමට පැමිණෙන විදේශිකයින්ට මඟපෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිටි තරුණයෙකු අනතුරකට ලක්වීමෙන් පසුගිය 01 වන දින ජීවිතක්ෂයට පත්වුනා. 

ඩෙන්මාර්කයේ සිට පැමිණි විදේශිකයන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට කිතුල්ගල සඳුන් ඇල්ල තරණය කිරීම සඳහා මඟපෙන්වමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුනදී තිබූ අතර

ඔහු කිතුල්ගල, නපුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි “මධු” නමින් හඳුන්වන මධුසංක නැමැති උපදේශකවරයෙකි.

කඹ ආධාරයෙන් දිය ඇල්ලේ මුදුණේ සිට පහළට බැසීම සඳහා මෙම විදේශිකයින් කණ්ඩායම මෙම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී තවත් උපදේශකයින් දෙදෙනෙකු සමග එකතුවූ මධුසංක මෙම විදේශිකයින්ට සඳුන් ඇල්ලේ පහළට බැසීම සඳහා සහාය වී තිබෙනවා. 

එම අවස්ථාවේදී එම ප්‍රදේශයේ කාලගුණය ක්ෂණිකව වෙනස්ව වර්ෂාව ඇද හැලීමට පටන් ගෙන ඇති අතර එහිදී විදේශිකයින් 16 දෙනාගෙන් 15 දෙනෙකු ආරක්ෂිතව දිය ඇල්ලේ පහළට ගෙන ඒමට මෙම උපදේශකයින් සමත්ව ඇතිබව වාර්තා වනවා. 

එක් විදේශික තරුණියක් ට කඹය ආධාරයෙන් දිය ඇල්ලෙන් පහළට බැසීමට නොහැකිව සිරවී ඇති අතර ඇයව පහළට ගෙන ඒම සඳහා මධුශංක ඉදිරිපත්ව ඇතත් දිය ඇල්ලේ ජල මට්ටම එකවර ඉහළයාමත් සමග උපදේශකයා දියේ ගිලි නොපෙනි ගොස් තිබුනා. 

ක්ෂණිකව ක්‍රියාත්මක වූ අනෙකුත් උපදේශකවරුන් ප්‍රදේශවාසීන් සමග මදුසංක සේවීමට කටයුතු කර තිබුණ ද ඔහුව සොයා ගැනීමට නොහැකිවී ඇති අතර ඔහුගේ සිරුර දිය ඇල්ලේ පහළ ගං කොටසේ තිබී පසුදින(02) අලුයම සොයා ගැනුනා. 

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ඔහුගේ හිසට කිසියම් බර යමක් වැදීමෙන් සිදුවූ තුවාල සහ දියේ ගිලීම හේතුවෙන් එම මරණය සිදුවී ඇති බවය.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සංචාරක ඩෙන්මාර්ක් තරුණිය බේරාගැනීමට ගොස් දිවි අහිමිවූ ක්‍රිකට් වලට පන මෙන් ආදරය කල ඇල්ලේ වීරයා සඳුන් Rating: 5 Reviewed By: webgossip24.com