728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, October 1, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිය මාසේ පඩි තාම ගෙවලා නෑ - නියම වැඩක් කරලා තියෙන්නේ


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව පසුගිය 24 වැනිදා විසුරුවා හැරි හෙයින් එදින දක්වා ගණනය කර මන්ත්‍රී දීමනාව ගෙවීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මීට පෙර එවැනි හිඟ බිල්පත් ඉදිරි මාසවලින් හෝ පියවා ගැනීමට හැකියාව තිබූ හෙයින් මාසික දීමනාව ගෙවීම ප්‍රමාදයකින් තොරව කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

මෙය මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍යවී අැතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර ඇත.

සාමාන්‍යයෙන් මන්ත්‍රී දීමනාව මීට පෙර සෑම මසකම 27 වැනිදා වනවිට ගෙවා අවසන් කර තිබිණ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිය මාසේ පඩි තාම ගෙවලා නෑ - නියම වැඩක් කරලා තියෙන්නේ Rating: 5 Reviewed By: webgossip24.com