728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 28, 2023

දයාසිරිගේ කැරැට්ටුව අතේ රෝල් වෙයි - ආසන සංවිධායක කරපු දේවල් ලීක් කරයි- Video


 මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සිය මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02ට එය ආරම්භ කිරීමට නියමිතයි.

සමගි ජන බලවේගය මැයි දින රැලිය මෙවර පවත්වනු ලබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ - පී.ඊ. ගුණසිංහ ක්‍රීඩාගනයේ දීයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියේ පෙළපාලිය මෙවර බී.ආර්.සී. ක්‍රීඩාංගනයෙන් ආරම්භ කර විහාර මහාදේවී උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානය අසල දී මැයි දින රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දින රැලිය මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිටදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.මේ අතර මහනුවර පැවැත්වෙන මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය වෙනුවෙන් කරනු ලැබූ ප්‍රචාරක පෝස්ටරයක දුමින්ද සිල්වා මහතා ඇතුලත් කර තිබීම සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ එම  ගම්පොල ආසන සංවිධායක අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් ඇතුලත් වීඩියෝ පටයක් අද සමාජ ජාල මාධ්‍ය වල පල වුනා.එම හඬපටය පහතින් නරඹන්න 


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දයාසිරිගේ කැරැට්ටුව අතේ රෝල් වෙයි - ආසන සංවිධායක කරපු දේවල් ලීක් කරයි- Video Rating: 5 Reviewed By: webgossip24.com