728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, April 20, 2023

අපි දෙන්නා බඳිද්දී ඉඳිකටුවක තරම් දෙයක් තිබ්බෙ නෑ.අවුරුදු එකොළහකට පස්සේ තමයි අපිට දුව ලැබුණේ


  
පුංචි තිරයේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන මේ සුන්දර කලාකාරිනිය පිළිබඳව නම් ඕනෙම කෙනෙක් දන්නවා.ඇය නමින් නිරෝෂා තලගල. මේ දවස්වල විකාශය වන කෝලම් කුට්ටම ටෙලි නිර්මාණය තුළින් ද අපිට මේ සුන්දර කලාකාරිනිය ව දැක බලාගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

රංගන ශිල්පිනියකට අමතරව ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්.ඇයටම කියලා නර්තන කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම තමයි කලාව සහ නර්තනය කියන හැම දේමත් එක්ක අද වන විට ආදරණීය පුංචි දියණියකගේ මවක් වෙන්න ඇයට වාසනාව ලැබිලා තියෙනවා.

ඉතින් දියණියගේ වගකීම අකුරටම ඉටුකරන මවක් විදිහට  කාර්යබහුලතාව යත් එක්ක දුව මඟහැරෙනවා ද කියලා අහපුවාම නිරොෂා කිව්වේ මේ වගේ කතාවක්.

“මේ දුව ළඟම ඉන්න ඕනි කාලේ තමයි.ඒත් රංගන කටයුතු නතර කරන්න බැහැ දවල් දවසට ගොඩක් වෙලාවට ඉන්නේ අත්තම්මලා දෙන්නත් එක්ක.ඉස්සරනම් මම චූටි ඉන්නේ අපි ඇඬුවා දැන් ඉතින් තේරෙනවා ටිකක් දැන් අඬන්නේ නැහැ.අම්මා ගිහින් ඉක්මනට එන්නම් කියලා කියනවා”

ඒ විදියට අදහස් දක්වන ඇයට අද වන විට මේ කලා ගමන සාර්ථකව එන්න මූලිකම හෙවනැල්ල වෙලා ඉඳලා තියෙන්නෙ ආදරණීය සැමියා.ඇය රඟපානවට මූලිකවම කැමති වෙලා තියෙන්නේ ඔහු.ඉතින් ඔහුගෙන් හමුවීම ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“විවාහ වෙලා අවුරුදු එකොළහකට පස්සේ තමයි දුව ලැබුණේ.දරුවෙක් හදන්න එතරම් කාලයක් ගත කරපු එක ගැන මම චුට්ටක්වත් පසුතැවෙන්නේ නැහැ.අපි දෙන්නා විවාහ වෙනකොට අසෙනිට රැකියාවක් තිබ්බෙ නැහැ.ඒ නිසා ගෙදරින් අකමැති වේවි කියලා බයක් මට තිබුණා.හැබැයි අසේල අයියා මාව ඇහැ වගේ බලාගනීවි කියන විශ්වාසය මගේ දෙමව්පියන්ට තිබ්බා.ඒ විශ්වාසය අදටත් එහෙමයි.අපි දෙන්නා විවාහ වෙනකොට අපි දෙන්නට කියලා ඉඳිකටුව ක තරම්වත් දෙයක් තිබ්බේ නැහැ.අපි දෙන්නගෙ මහන්සියෙන් හැමදේම පොඩ්ඩ පොඩ්ඩ ගොඩනඟා ගත්තා”

ඉතින් ඒ විදියට පොඩ්ඩ පොඩ්ඩ ගොඩනඟාගත ජීවිතය තවත් බොහෝ කාලයක් සතුටින් ම ගත කරන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අපි දෙන්නා බඳිද්දී ඉඳිකටුවක තරම් දෙයක් තිබ්බෙ නෑ.අවුරුදු එකොළහකට පස්සේ තමයි අපිට දුව ලැබුණේ Rating: 5 Reviewed By: webgossip24.com