728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 30, 2023

විවාහ වුනේ අවුරුදු 20න්, අපි එක ඇඳක නිදා ගත්තා කියලා විවාහය රැකුණේ නෑ, මම ආසයි ආයෙත් විවාහ වෙන්න-ශ්‍රීමාලි ෆොන්සේකා (PHOTOS)


 අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියලා කියන්නේ. ඒ වගේම ඇය නර්තනයටත් ඉතාම දක්ෂයි.කොහොම වුණත් ශ්‍රීමාලි කියන්නේ කලාවට එන්න එහෙම බලාපොරොත්තුවක් තිබුණු කෙනෙක් නෙවෙයිලු. එයාගෙ පොඩි කාලෙ ඉඳලා එකම dream එක වෙලා තිබිලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන එකලු. අන්න ඒ dream එක ඔළුවෙ තියාගෙන තමයි ශ්‍රිමාලි english පවා හදාගෙන තියෙන්නෙ. වැඩේ කියන්නේ මෙයා තමයි ගෙදර එකම ගෑණු ළමයා. ඉතින් ආයි නෝ හෙල්ලුම්. මෙන්න මේ කතන්දරේ හින්දා ශ්‍රිමාලිගේ ගුවන්සේවිකාවක් වෙන dream එක සදාකාලිකම dream එකක් වුණාලු.

ඉතින් දැන් ආදරණීය දියණියත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරන ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් ඇයගේ විවාහය ඇය හිතලා ගත්ත තීරණයක් නෙවෙයි කියලයි ශ්‍රීමාලි නම් කියන්නේ.

මොකද ඒක ඕන වුනේ ඇයගේ දෙමව්පියන්ටලු. ඒ වගේම ඇය විවාහ වුනේ අවුරුදු 20න් කියලත් ඇය කියනවා. ඉතින් අවුරුදු 20ක් වගේ පොඩි වයසකින් කසාද බඳින එක හොඳ දෙයක් නෙවෙයි කියලයි ඇය නම් කියන්නේ.ජීවිත්වෙලා ඉන්නවා කියලා දැනෙන්නේ හරියට ආදරේ කියන දේ ලැබෙනකොටලු. බලාපොරොත්තු ගොඩ නැගෙන්නෙ ආදරේ ලඟ තියෙනකල්ලු. හැබැයි වැඩේ කියන්නේ ඒ හැමදේම වෙන්නත් හරියන කෙනා ලැබෙනවද කියන එකලු ප්‍රශ්නෙ. ඒ වගේම සැබෑ ආදරේ කියන එක හැම දෙනාටම ලැබෙන්නේ නැහැ කියලත් කියනවා. ඒ එක්කම එයාගේ ආදරේ තුළ නම් එයා තෘප්තිමත් නැහැ කියලයි කියන්නේ. සියයට දහයක් වගේ පිරිසකටලු තමන් හොයන ආදරේ ලැබෙන්නේ.

මොකද ඒ වයසේදී තමයි හැමෝම වගේ ලෝකය ගැන සමාජේ ගැන තේරුම් ගන්නේ. ඉතින් ඒ දැනුම නැතුව විවාහ වුනාම ඒ පවුල් ජීවිතේ සාර්ථකව ගෙනියන්න අමාරුයි කියලයි ඇය කියනවා. ඒ වගේම ඇය පුංචි කාලේ ඉදන්ම ගොඩක් ආසාවෙන්ලු හිටියේ අම්මා කෙනෙක් වෙන්න.

ඉතින් ඇයට ඒ අවස්ථාව ලැබුණා එක ගැන අදටත් ගොඩක් සතුටු වෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඒ කාලේ ඇයට ලොකු වයසක් තිබුනේ නැති නිසා පොඩි බයකුත් තිබුණාලු ඇයට අම්මා කෙනෙකුගේ වගකීම් ගන්න පුළුවන් වෙයිද කොහොම වුණත් ශ්‍රීමාලි කියන මේ හැම දේකින්ම තේරෙන්නේ ආදරය ගැන නම් එයා එච්චර සැටිස් නැහැ කියලයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: විවාහ වුනේ අවුරුදු 20න්, අපි එක ඇඳක නිදා ගත්තා කියලා විවාහය රැකුණේ නෑ, මම ආසයි ආයෙත් විවාහ වෙන්න-ශ්‍රීමාලි ෆොන්සේකා (PHOTOS) Rating: 5 Reviewed By: webgossip24.com