728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 14, 2023

එක එක කාල වලට අපේ ජීවිතයට මිනිස්සු එනවා යනවා මම ආදරයක් විශ්වාස කරන්නැහැ


  තරින්දි ප්‍රනාන්දු කියන්නේ වර්තමානයේ කලාව තුළ  තමන්ගෙ කියලා තැනක් හදාගන්න දක්ෂතාවය තුළින් කැප වෙච්චි ආදරණීය කලාකාරිනියක්.පුංචි තිරයේ විකාශය වන ටෙලි නිර්මාණයන් රැසක ඇයගේ නිරූපණයන් අපිට දකින්න ලැබෙනවා.ඒ වගේම තමයි පසුගිය කාල සීමාවේදී ඇයගේ පළමු චිත්‍රපටය වන ද ගේම් චිත්‍රපටය විකාශය වීම සිද්ධ වුණා.

ඒ චිත්‍රපටි අත්දැකීමත් එක්ක කලාවට ඇය වෙනදාටත් වඩා තමන්ගේ සම්පූර්ණ කාලයම වැය කරලා.ඇයගේ එකම වෘත්තිය කලාව.ඉතින් එදත් අදත් ඇය ආදරේ කරන ඒකලාව ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ චරිත වට ලැබෙන ප්‍රතිචාර එක්ක මගේ ජනප්‍රියතාවය සම්මානයකින් ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.මම කැමැතියි දක්ෂ කියන අංශයෙන් මට සම්මානයක් ලැබෙනවා නම් හැබැයි කවදාවත් මම සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ.නමුත් මම කැමැතියි දක්ෂ කියන අංශෙන් ඉස්සරහට යන්න”

ඉතින් දක්ෂ කියන අංශයෙන් අද වන වනවිට ඉදිරියෙන් ඉන්න කලාකාරිනියක් තමයි ඇය.ඒ වගේම ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබදව පසුගිය කාල සීමාවේදී ගොඩක් දෙනෙක් කතා කළා.එ තරින්දි ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි තෙක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියෙනවා කියන කතාවක් නිසා. හැබැයි මේ සම්බන්ධතාවය මේ වෙද්දි නැතිවෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.ඉතින් මේ දේවල් වල අපි සත්‍ය අසත්‍යතාවය හරියටම දන්නෙ නැති වුණත් ඇය ආදරය ගැන නම් කිව්වේ මේ වගේ කතාවක්

“මොන ආදර කතා කිව්වත් දෙමව්පිය ආදරෙන් එහාට ගියා  අවංක පරාර්ථකාමී ආදරයක් අපිට ලබාගන්න පුලුවන් කියන එක මම ලෝකයේ දකින්න නැහැ.එක් එක් කාල වලට අපේ ජීවිතවලට මිනිස්සු එනවා යනවා අපිට අහිමි වීම් වෙනවා.එනිසා දෙමව්පියන්ගෙන් එහාට මම ආදරයක් විස්වාස කරන්නෑ”

ඒ විදිහට අදහස් දක්වපු ඇය අවසානය සඳහන් කළේ ඇයගේ ජීවිතයට දෙමව්පිය ආදරය සහ ඊළඟට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ආදරය තමයි අදටත් හෙටටත් හැමදාටමත් දැනෙන එකම ආදරේ කියලා.

ඉතින් තවත් බොහෝ කාලයක් කලාවත් එක්කම එකතු වෙලා කලා වැඩ  කටයුතු සාර්ථක කරගන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින් සුබ පැතුම් එක් කරන්නෙමු 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එක එක කාල වලට අපේ ජීවිතයට මිනිස්සු එනවා යනවා මම ආදරයක් විශ්වාස කරන්නැහැ Rating: 5 Reviewed By: webgossip24.com