728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 7, 2023

මේක තිත්තයි.. හැබැයි ඇත්තයි..- ඖෂදී හේවාමද්දුම


 ඖෂදී හේවාමද්දුම කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ වගේම දරුවන් දෙදෙනෙකුගේ මවක්. එදා වගේම තමයි ඇගේ රුව කිසිම වෙනසක් නෑ. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්වන ඇ එහි හුවමාරු කරන විවිධ සටහන් අපේ නෙත ගැටෙනවා. මේ එලෙස ඈ තැබූ සටහනක්,


මේක තිත්තයි.. හැබැයි ඇත්තයි.. ජීවිතේ මොන තීරණේ ගන්නත් කලින්, දෙපාරක් නෙමෙයි.. සියපාරක් හිතන්න..👇👇
දික්කසාද ජීවිතේ නිදහස්ද?
දෙන්නටම දාව දරුවෝ ඉන්නවා නම්,
උන් මහපාරට වැටේවී.. කුඩ්ඩෝ හොරු අනාථයෝ වෙවී.
දෙන්නම එකතු වෙලා ගෙයක් හදලා නම්,
ගෙටයි ඉඩමටයි අවුරුදු ගාණක් නඩු කියන්න වේවී.
නැත්තම් ඔප්පු කරන්න බැරුව අතඅරින්න වේවී.
දෙන්නගෙන් එක්කෙනෙකුට නඩත්තු ගෙවන්න වේවී.
එකට ඉන්න එක විතරක් නැතිවේවී.
දික්කසාද වෙන ගොඩක් ගෑණූ පිරිමි නැමෙන්න හරි බයයි
උන්ගේ අභිමානෙට හෙණ ගහයි කියලා..
අන්තිමට මුලු ලෝකයක් ඉස්සරහා
උන් දෙන්නගෙම අභිමානේ
වැසිකිළි බාල්දියේ වතුර වගේ
සද්දෙත් එක්කම ගලාගෙන යනවා..
දික්කසාද වෙන්න ගෑණූ පිරිමි ගන්න කලින්
කසාදයක් බැඳලා වසන්න පුළුවන් සහකාරයෙක්, සහකාරියක්
හොයාගනින්…
දික්කසාදේ නිදහස් හැබැයි ඒකේ අර්ථය උබ තනිකඩයි කියන එක නෙමෙයි.
පවුල කැඩුණු එකෙක් කියන් එක..
පවුල රැකගන්න බැරි එකෙක් කියන එක…
ඒ නිසා ගලවන්න ගැලවෙන්න ගෑණු පිරිමි නොසොයා
ඉන්න පුළුවන්, තේරුම්ගන්න පුළුවන් කෙනා සොයාගනිල්ල..
හරිම කෙනා හොයාගත්තම නීති කෝල් මැසේජ් ඔක්කොම ආදරේට පරාද වෙනවා.
-නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ-
Oshadhi Buddhima Hewamadduma
Pradeep Bulathsinghala

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මේක තිත්තයි.. හැබැයි ඇත්තයි..- ඖෂදී හේවාමද්දුම Rating: 5 Reviewed By: webgossip24.com