728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 4, 2023

රට සල්ලි එවපු විදියට ලංකාවට එද්දි ඩියුටි ෆ්‍රී එකෙන් ලැබෙන සැලකිලි මෙන්න


 විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපළෙන් මිලදී ගන්නා තීරු බදු රහිත භාණ්ඩ සඳහා සීමාව ඔවුන් විදේශගතව සිටියදී මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත තීරණය කරන බව කම්කරු හා විදේශ රැක්යා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

නව තීරු බදු රහිත ඩොලර් සීමාව මැයි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී අමාත්‍යවරයා මෙරටට එවූ මුදල් ප්‍රමාණය අනුව වැඩි තීරු බදු සහනයක් හිමිවන බව ද සඳහන් කළේය.

ඒ අනුව ඩොලර් 2,400 ත් 4,799 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 600 ක ද, ඩොලර් 4,800 ත් 7,199 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 960 ක ද, ඩොලර් 7,200 ත් 11,999 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 1,440 ක ද, ඩොලර් 12,000 ත් 23,999 අතර මුදලක් එවා ඇත්නම් ඩොලර් 2,400 ක ද, ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩියෙන් එවා ඇත්නම් ඩොලර් 4,800 ක ද, අමතර තීරු බදු සහනයක් හිමිවන බව ද අමාත්‍යවරයා කීය.

පසුගිය වසරේ (2022) මැයි මස 1 වැනිදා සිට නීතියානුකූල මාර්ගවලින් මෙරටට එවූ මුදල් මෙම දීමනාව සඳහා වලංගු බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් පැවසීය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රට සල්ලි එවපු විදියට ලංකාවට එද්දි ඩියුටි ෆ්‍රී එකෙන් ලැබෙන සැලකිලි මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com