728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 18, 2023

පාසලේ බාල වයස්කාර සිසුන් සමග අනිසි සබඳතා පැවැත්වූයේ යයි ගුරුවරියන් 6 ක් අත්අඩංගුවට


 බාල වයස්කාර සිසුන් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා මත වයස අවුරුදු 25ත් 38ත් අතර ගුරුවරියන් 6 දෙනෙකු අමෙරිකාවේදී අත්අඩංගුවට ගත් බව නිව්යොර්ක් පෝස්ට් පුවත්පත වාර්තාකර තිබේ. මෙම අත් අඩංගුවට ගත් ගුරුවරියන්ගේ පින්තූරද නිව් යෝර්ක් පෝස්ට් ප්‍රසිද්ධ කර තිබේ. 

මෙම සියලු ගුරුවරියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බාල වයස්කාර අයථාසබඳතා ගැන දින දෙකක පරීක්ෂණවලින් පසුව බවද දක්වා තිබේ. වින්දිත සිසුන්ගේ වයස අවුරුදු 16 හෝ ඊට අඩු යැයි කියනු ලැබේ. 2019 වසරේදී ද මෙවැනිම අත්අඩංගුවට ගැනීමක් ඇමරිකාවෙන් අනාවරණය විය. ඒ වෙලාවේ ගුරුවරියන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ. 'ද නිව්යෝර්ක් පෝස්ට්' පුවත්පතේ වාර්තාවට අනුව අත්අඩංගුවට ගත් ගුරුවරුන් සහ වින්දිත සිසුන් එක් පාසලක අය නොවේ. 

ඔවුන් විවිධ අධ්‍යාපන ආයතනවලට අයත් වේ. අත්අඩංගුවට ගත් එක් ගුරුවරියකගේ නම ඇලන් ෂෙල් ය. ඇගේ වයස අවුරුදු 38 කි. ෂෙල් 16 හැවිරිදි සිසුවෙකු සමඟ බහුවිධ සබඳතා පැවැත්වූ බවට චෝදනා ලබා ඇත. දැනට ඇය ඩැන්විල් හි වුඩ්ලෝන් ප්‍රාථමික පාසලේ උගන්වයි. ඊට පෙර ඇය සිටියේ ලැන්කැස්ටර් ප්‍රාථමික පාසලේය. ෂෙල් ගැන පාසල් පරිපාලනය පොලිසියට දන්වා සිටීමෙන් පසු මෙම පරීක්ෂණයට භාජනය කර අත්ඩංගුවට ගන්නා ලදි.

එමිලි හනුක් සෙනසුරාදා පාසල් ගොඩනැගිල්ලේදීම අත්අඩංගුවට ගෙන ඇත 32 හැවිරිදි හෙදර් හෙරේර් ටද බාල වයස්කාර සිසුවෙකු සමඟ සබඳතා පැවැත්වූ බවට ද චෝදනා එල්ල වේ. ඇය ආර්කන්සාස් හි පාසලකට මේ වනවිට යවා ඇත. එමිලි හනොක්ගේ වයස අවුරුදු 26 කි. විශේෂත්වය වන්නේ හනොක් 15 හැවිරිදි සිසුවකුට සම්බන්ධයක් ඇති කර ගන්නා ලෙස බලපෑම් කිරීමයි. 

හනුක් ගැන පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ ඔත්තුකරුවකු මාර්ගයෙනි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අතර එම චෝදනා සත්‍ය බව අනාවරණය විය. මේ හැර එලේමා ඩැලන්සි ද එම චෝදනාවටම අත්අඩංගුවට ගෙන ඇත.

 ඇය වෙල්ස්ටන් පොදු පාසලේ ගුරුවරයෙකි. පාසල් ගොඩනැගිල්ල තුළදීම බාලවයස්කාර දැරියක් සමඟ ලිංගිකව හැසිරුණු බවට ඇයට චෝදනා එල්ල වී තිබේ. පසුව නිහඬව සිටින ලෙස ඇයට බලපෑම් කර තිබේ. ක්‍රීස්ටන් ග්‍රාන්ට් අයෝවා හි පාසලකට පත් කර ඇත. බාලවයස්කාර පිරිමි ළමයින් කිහිප දෙනෙකු සමඟ සබඳතා පැවැත්වූ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ. මෙම සියලුම ගුරුවරුන් බාලවයස්කාර දැරියන් දූෂණය කළ බවට පොලිසිය චෝදනා කරයි. ඔවුන්ට එරෙහිව දැන් නඩුවක් ගොනු කර ඇත. 

පොලිසියට අනුව, චෝදනාවට ලක් වූ සමහර ගුරුවරුන් සමාජ මාධ්‍ය හරහා සහ විශේෂයෙන් Snapchat හරහා වින්දිතයන් සමඟ සම්බන්ධතා පවත්වයි. අ 'Fox News' ට අනුව - වින්දිතයින් සෑම අවස්ථාවකදීම බාලවයස්කරුවන් වේ. එබැවින් ගුරුවරුන් 6 දෙනෙකුට එරෙහි නඩු විභාගය අධිකරණය විසින් සංවෘත කාමරයක පවත්වනු ඇත. 

වින්දිතයන්ගේ ප්‍රකාශ සටහන් කර ගත යුත්තේ උපදේශනයෙන් පසුව පමණක් විය හැකි ය. මේ සඳහා ඔවුන් අධිකරණයට පැමිණීම අවශ්‍ය නොවේ. ඔවුන්ට වීඩියෝ සම්මන්ත්‍රණ හරහා ප්‍රකාශයක් පටිගත කළ හැකිය.

මේ අතර මෙම සිදුවීම් සිදුවූ පාසල්වලින්ද පිළිතුරු ඉල්ලා තිබේ. තම ලිඛිත ප්‍රකාශ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාසල්වලට දැනුම් දී ඇත. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පාසලේ බාල වයස්කාර සිසුන් සමග අනිසි සබඳතා පැවැත්වූයේ යයි ගුරුවරියන් 6 ක් අත්අඩංගුවට Rating: 5 Reviewed By: webgossip24.com