728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, April 15, 2023

මගේ ජීවිතේ ගොඩක් දේවල් හරි ගියත් වැරදුනත් මම ඒ ගැන හරිම තෘප්තිමත්


 මෙවර රයිගම් සම්මාන උළෙලේදී හොඳම නිළිය විදිහට සම්මානය ලබපු මාණික්කාවත ටෙලි නිර්මාණයේ  ගුණාදරී කියන චරිතය රඟපෑ ඇය වොල්ගා කල්පනී රංගන ශිල්පිනියයි.වෝල්ගා කිවුවහම ඕනිම කෙනෙක් ඇය ගැන දන්නවා.ඒ තරම්ම ක්ෂේත්‍රය තුළ  ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වෙච්ච වෙච්චි මේ සුන්දර කලාකාරිනිය අහම්බෙන් නෙවෙයි කලාවට එන්නේ.
ඇය කලාවට එන්නේ ඒ වෙනුවෙන් කරන පුරුදු පුහුණුවීම් ඒ වගේම වැඩමුළු ආදී බොහෝ දේවල් වලට සම්බන්ධ වෙලා.ඉතින්  උමාලි තිලකරත්න කියන රංගන ශිල්පිනියක් එක්ක ඇයටත් හොඳම නිළිය සම්මානය ලැබුණා.ඇය මේ විදියට හොඳම නිළිය වෙන්නේ පළමු අවස්ථාවට ඉතින් එදා ඒ දැනුණු හැඟීම ගැන වොල්ගා කිව්වේ මේ වගේ කතාවක්.
“හොඳම නිළියට නිර්දේශ වූ පළමු අවස්ථාවත් මෙය සම්මානය ලැබීම ගැන ඇත්තටම ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න මම දන්නෙ නැහැ.මට හීනයක් තිබ්බ කවද හරි මගේ නමට හොඳම කියන කැටගරි එකේ ඕනි කියල.මම මේ කලාවට අහම්බෙන් නෙවෙයි ආවේ හරි කැමැත්තෙන් වැඩමුළුවලට ගිහින් මම හරි ආදරෙන් මේක කළේ.ඉතින් ඒ දැනිච්ච හැඟීම වචන වලට පෙරලන්න මට ඇත්තටම තේරෙන්නේ නැහැ”
ඉතින් ඒ විදියට අදහස් දක්වන ඇය අදවන විටත් සිනමාව තුළ නම් නිරන්තරයෙන් දැක බලාගන්න බලා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ.වොල්ගා කියන්නේ සිනමාවට ආරාධනා අඩු වුනත් හොඳ ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම ඇයගේ උපරිම රංගන දායකත්වය ලබා දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි.
ඒ වගේම තමයි වොල්ගාගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දී ඇය මුලින්ම විවාහ වුණේ ක්ෂේත්රයේ තවත් දක්ෂ රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමග.නමුත් මේ විවාහ ජීවිතය සාර්ථක කරගන්න දෙන්නටම හැකියාව ලැබුණේ නැති නිසා ඉතාමත් ඉතාම සුහදශීලීව දෙන්නම විවාහයෙන් සමුගත්තා.ඒ නිසාම මේ කාලය තුළ ඇය ජීවිතය ලබපු සතුට ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
“මම මෙතෙක් කරපු හැම නිර්මාණයකටම ගොඩක් ආදරේ කරනවා.මම නිර්මාණ ගැන විතරක් නෙවෙයි මගේ ජීවිතයේ ගොඩක් දේවල් ගැන හරිම තෘප්තිමත්. ඒ දේවල් මට හරි ගියාද වැරදුනා ද කියන එක නෙවෙයි ඒ හැම දෙයක්ම මගේ ජීවිතේට එකතු වුණු අත්දැකීම්.ඒ ලබපු අත්දැකීම් ගැන මම කොහොමත් සතුටින්”
මේ ලැබුණු සම්මානයත් එක්ක තවත් බොහෝ කාලයක් කලාවත් එක්ක එකතුවෙලා වැඩ කටයුතු කරන්න ඇය සූදානම්. ඉතින් ඒ දෙවල් සාර්ථකව කරගන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා ය කරන්නෙමු 
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මගේ ජීවිතේ ගොඩක් දේවල් හරි ගියත් වැරදුනත් මම ඒ ගැන හරිම තෘප්තිමත් Rating: 5 Reviewed By: webgossip24.com