728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, April 20, 2023

එතකොට මම චූටියි, මම පහවසරෙදි තමයි ඒකට යොමු වුනේ - මිෂෙල් දිල්හාරා


 රංගන ලෝකය තුළ ඉන්න ගොඩක් වෙලාවට සමාජ වැඩ කටයුතු සඳහා ම තමන්ගේ රංගන වෘත්තියෙන් ලැබෙන මුදල වැය කරන  ආදරණීයයන් කලාකාරිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියන්නේ.ඉතාමත් කෙටි කාලයකින් ඇය කලාවට ආවත් සම්මානනීය කලාකාරිනියක් වෙන්නට මිචෙල්ට අවස්ථාව උදාවෙලා තියෙන්නෙ තියෙන්නෙ ඇගේ තියෙන්නේ ඇයගේ දක්ෂතාවය නිසාමයි.

ඒ වගේම තමයි මේ දවස්වල පුංචි තිරයේ ඇයගේ ටෙලි නිර්මාණ රැසක් විකාශය වෙනවා.පසුගිය කාල සීමාවේදී ඇය ගැන වැඩිවශයෙන් කතාබහ කළේ ඇයගේ රංගනයටත් අමතරව මිෂෙල් කරන සමාජ වැඩ කටයුතු නිසා.දුප්පත් ආර්ථිකමය තත්ත්වයෙන් අහන ඉන්න මිනිස්සුන්ට ඇය එක්තරා අවස්ථාවකදී හාල් බෙදා දුන්නා.ඒ වගේම තවත් අවස්ථාවන් කීපයකදීම ඇය විවිධාකාරෙයේ උදව්පදව් කරන්නත් අමතක කළේ නැහැ. ඉතින් මේ සමාජ සේවා කටයුතු ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“දැන් සතියකට විතර උඩදි මම project එකක් කරා.නුවරඑළිය ,කුරුණෑගල,කටුවාපිටිය,කදිරාන පැතිවල අත්‍යවශ්‍යම පාසල් ළමයි 250 කට  සපත්තු බෙදා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා.ගොඩක් පාසල් සහ පන්සල් වලින් ඉල්ලීමක් කළා මගෙන් ඒ අනුව තමයි මම මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ’

එයාකාරයෙන් අදහස් දක්වන මිෂෙල් කලාව ගැන අදහස් දක්වලා කිව්වේ ඇයගේ එකම ලොකුම බලාපොරොත්තුව ඉස්සරහට වෙනස්ම චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන්නලු. ඒ වගේම ඇයගේ එකම විනෝදාංශය ගැනත් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“නිදහස් වෙලාවක් ලැබුනොත් කරන්නේ කරාතේ පුහුනු වීම් කරන එක. මම black belt කැටගරි එකේ ඉන්නේ.එයට අමතරව මම මේ දවස්වල මගේ දෙවැනි පොත ලියන්න research  එක පටන් අරන් තියෙන්නේ.මම පහ වසරෙ ඉදන්ම කරාතේ කරනවා. මගේ තාත්තත් කරාතේ කරලා තියෙනවා.අප ආත්මාරක්ෂාවට වගේම අපේ ඉවසීම හැදියාව මේ දේවල් මේ සටන් කලාවෙන් හදාගන්න පුළුවන්”

පුවත්පතත් සාකච්ඡාවක් සමග එකතුවෙලා මිෂෙල් තමන්ගේ කලාව සහ පෞද්ගලික ජීවිතය තුළ ඇය මේ දවස් වල කරන වැඩ කටයුතු ගැන ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එතකොට මම චූටියි, මම පහවසරෙදි තමයි ඒකට යොමු වුනේ - මිෂෙල් දිල්හාරා Rating: 5 Reviewed By: webgossip24.com