728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, April 29, 2023

විනෝදයට ඇති කරපු සාමයේ සතා බයිට් එකට අරගෙන මදිවට හදපු හැටි ටික්ටොක් දාලා අයිතිකරුටත් යවලා


 විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් අදාළ වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබුණි.

මෙම සිදුවීම වාර්තා වී තිබුණේ අලුත්ගම දර්ගා නගරයෙනි.
අලුත්ගම පොලීසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

පසුගිය 26 වනදා අලුත්ගම දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක පරෙවියන් සිටි කූඩුවක් කඩා මෙම ක්‍රියාව සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් ය.
සැකකරුවන් තිදෙනා හෙට (30) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: විනෝදයට ඇති කරපු සාමයේ සතා බයිට් එකට අරගෙන මදිවට හදපු හැටි ටික්ටොක් දාලා අයිතිකරුටත් යවලා Rating: 5 Reviewed By: webgossip24.com