Thursday 24, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, September 7, 2023

Unknown බීමතින් රිය පැදවූ පොහොට්ටුවේ මන්ත්‍රීට සිර දඬුවම් - ගම්පොල ජනතාව රතිඤ්ඤා පත්තුකරයි


පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට අධිකරණය සිර දඬුවම් නියම කර තිබේ.ඒ බීමතින් යතුරු පැදියක් ධාවනය කිරීම හේතුවෙනි. 

සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පොළ මහෙස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා මෙම නියෝගය ලබා දී ඇත.

සැකකාර හිටපු මන්ත්‍රීවරයාට බරපතළ වැඩ සහිත මාස දෙකක සිර දඬුවමක් සහ රුපියල් 75,000 ක දඩයක් අධිකරණය විසින් නියම කර ඇත.

මෙම සැකකාර හිටපු මන්ත්‍රීවරයා, ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කරයි.

ඔහු මෙවර මැතිවරණය සඳහා ද පොදුජන පෙරමුණෙන් නාවලපිටිය ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටී.

2018 වසරේ සිට විවිධ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවැත්වෙන නඩු විභාග පැවැත්වෙන අවස්ථාවල වරින් වර උසාවිය මග හැර තිබීම හේතුවෙන් ඔහුට විරුද්ධව ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

බීමතින් යතුරුපැදිය ධාවනය කිරීමට අමතරව රක්ෂණ සහතිකයක්, ආදායම් බලපත්‍රයක් සහ රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

මේ අතර සැකකාර මන්ත්‍රීවරයාට සිර දඬුවම් නියමවීමත් සමග ගම්පොළ ප්‍රදේශ කිහිපයක ජනතාව රතිඤ්ඤා දල්වා ඇති බවටද වාර්තාවෙයි. ගම්පොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි 


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බීමතින් රිය පැදවූ පොහොට්ටුවේ මන්ත්‍රීට සිර දඬුවම් - ගම්පොල ජනතාව රතිඤ්ඤා පත්තුකරයි Rating: 5 Reviewed By: webgossip24.com