728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, April 20, 2023

නිවනට යන පාර අසා නාවික හමුදා නිලධාරියෙක් හිමි නමකට හොඳටම සලකයි


 නිවනට යන මග කුමක්දැයි විමසමින් භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේයැයි චෝදනා එල්ලවුණු නාවික හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත කන්දකුලිය දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික හමුදා නිලධාරියෙකි.

පහරකෑමට ලක්වූ හිමිනම මේ වනවිට කල්පිටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

වෙසක් උත්සවයට සංවිධානය කරන දන්සලක් සඳහා තමන් වහන්සේ ආධාර එකතු කිරීමට ගිය අවස්ථාවේ නිවසක සිටි මෙම සැකකරු නිවනට යන මග කුමක්දැයි විමසා තමන්ට පහර දුන් බව ද එමගින් එම භික්ෂුව පොලිසියට සඳහන් කර තිබේ

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නිවනට යන පාර අසා නාවික හමුදා නිලධාරියෙක් හිමි නමකට හොඳටම සලකයි Rating: 5 Reviewed By: webgossip24.com