728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 11, 2023

මෙරට රිලවුන් අපනයනයට සුදානම් - රිළවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ රට යවයි


 
ශ්‍රී ලංකාවේ ඉහළයන රිළා ගහනය ට විසඳුමක් ලබාදෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවය.

මෙම ඉල්ලීම අනුව මෙරට  ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (11) දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්වී ඇත.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබාදීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබේ. මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවායී. රිළාගහනය අවම කර ගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී තිබේ. 

රිළවුන් ගෙන් සිදුවන හානිය ගත් කළ බෝගහානි සඳහා වැඩිම තීව්‍රතාවය නැතහොත් උග්‍රහානිය වාර්තා වී තිබෙන්නේ ද රිළවුන් ගෙන් බව හෙක්ටර්  කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ සමීක්ෂණ මගින් තහවුරු වී තිබේ. 

ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ 250ක් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණ අනුව රිලවුන් විසින් බල ප්‍රදේශ 110ක පූර්ණ හානි ද, බලප්‍රදේශ 235ක උග්‍ර හානි ද 155ක අර්ධ හානි ද , සිදු කරනු ලැබ තිබේ. රිලවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙනි.
 
කෙසේ වුවද රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලන විට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත් වීමම සතුටට කාරණයක් බව ද මෙහිදී අවධාරණය විය.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මෙරට රිලවුන් අපනයනයට සුදානම් - රිළවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ රට යවයි Rating: 5 Reviewed By: webgossip24.com