728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, April 5, 2023

කොරියා යන්න ඉන්න අපේ අයට සුබ ආරංචියක් - හුන්ඩායි සමාගමේ ප්‍රධානින් ලංකාවට පැමිණෙයි


 ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් වැඩි   රැකියා අවස්ථා ලබා දීමට දකුණු කොරියාවේ  ප්‍රමුඛ පෙළේ  සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai)  තීරණය කර ඇත.
එම සමාගමේ  ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කතානායක  අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය දැනුම් දුන්හ.
නියෝජ්‍ය කතානායකවරයාට මෙම දැනුම්දීම කළේ  දකුණු කොරියානු රැකියා සදහා  ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ  ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට  මෙරටට පැමිණි හුන්ඩායි නැවි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසකි.
ශ්‍රී ලාංකේය තරුණයා ඉහළ නිපුණත්වයකින් යුතුවන හෙයින්  ඔවුන්  වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද  එම  නියෝජිත පිරිස පෙන්වා දුන්හ.
කොරියාවට එන  ශ්‍රමිකයන් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක අයවීම වැදගත් බව පැවසූ ඔවුහු රජය මැදිහත්වී නිසි වෘත්තීය පුහුණුවක් මලබාදී  ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමුකරන ලෙසට ඉල්ලීමක් කළහ.
එසේම ශ්‍රී ලාංකික   ශ්‍රමිකයන්ට  පහසුකම් සහ ආරක්ෂාව උපරිම  වශයෙන් දෙන බවටද එම නියෝජිතයෝ  මෙහිදී සහතිකවූහ.
නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික , වෑල්ඩින් ආදී  ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා දකුණු කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් පුහුණු ශ්‍රමිකයන්ට ඉහළ වැටුප් හිමිවන බවත්  නියෝජිත පිරිස මෙහිදී  වැඩිදුරටත්  පෙන්වා දුන්හ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කොරියා යන්න ඉන්න අපේ අයට සුබ ආරංචියක් - හුන්ඩායි සමාගමේ ප්‍රධානින් ලංකාවට පැමිණෙයි Rating: 5 Reviewed By: webgossip24.com