728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, April 30, 2023

දෙරණේ ඇතුළේ අයටත් ‘විශාල ශබ්දය‘ විහිළුවක් - චතුර දිල්කා බුකියෙන් ගත්ත ආතල් එක - ජායාරූප



පසුගිය ජනපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට විශාල වැඩකොටසක් කළ බව පෙන්නුම් කෙරුණ දෙරණ නාලිකාව එහිදී අඩුවැඩි වශයෙන් මිථ්‍යා මත නිර්මාණය කර ජනතාවගේ ඡන්ද ගෝඨාභය ට ලබාදීමට කටයුතු කළ බවට පසුකාලීන විවේචන මතුවිය.

ඉන් එක් ප්‍රචාරණ සංකල්පයක් වූයේ ‘කැළණියේ නයා‘ පිළිබඳ කථාවයි. ජනපතිවරණයට පෙර දිනයේ මෙකී නාලිකාවේ පමණක් ප්‍රචාරය වූ විශේෂ පුවතකින් පැවසුනේ කැලණි රජමහා විහාරය ආසන්නයේ ගඟින් මතුවූ නාගයෙකු ගැනයි. 

මෙම නාගයාගේ ප්‍රාතිහාර්යාත්මක මතුවීම රටට සුවිශේෂ නායකයෙකුගේ පහළවීමක් ගැන ඉඟියක් යයි පවසන ලද්දේ විහාරාධිපති හිමියන්ය. ‘විශාල ශබ්දයක්‘ තමන්ට ඇසුණ බවත් පසුව පරීක්ෂා කර බැලීමේදී නාගයා පැමිණ තිබූ බවත් උන් වහන්සේ පවසා තිබුණි.

අනතුරුව මේ බව සිහිනෙන් දුටු බව කියන ‘කපු මහතෙකු‘ ගඟ පරීක්ෂා කොට නාගයාව අල්ලා ප්ලාස්ටික් බෝතලයකට දමා දෙරණ ඔස්සේ රටටම පෙන්වූයේය.

ඊට පසුවදා පැවති ජනපතිවරණයෙන් විශාල වැඩි ඡන්ද ලබාගනිමින් ගෝඨාභය දින්නේය.

‘විශාල ශබ්දය‘ ගැන කථාකළ විහාරාධිපති හිමියන් කැලණි සරසවියේ කුලපති බවටද ගෝඨා පත් කළේය.

පසුකාලීනව අසාර්ථක පාලනයක් නිසා රටින් පළායන්නටද කරුණු යෙදුණ පසු ගෝඨාභය ගැන කරන විවේචන වලදී ඔහු කරළියට ගෙනෙන්ට වැඩ කළ නාලිකාවන්ටද ඔවුනගේ ව්‍යාජ සංකල්ප වලටද ජනතාව නැවත විවේචන සිදු කරනු දක්නට ලැබිණි.

‘විශාල ශබ්දය‘ නැවත නැවතත් කථාබහට ලක්වූයේ මේ නිසාය.

කෙසේ වෙතත් ‘විශාල ශබ්ද‘ කතාව දැන් දෙරණේ ප්‍රවෘත්ති අංශයේ වැඩකරන අයටත් විහිළුවක් වී ඇතිවා සේය.

තම නිවසට ආ කුඩා සර්පයෙකු ගැන දිල්කා සමන්මලී ඊයේ තැබූ ෆේස් බුක් සටහනක් සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්ව තිබේ.

“විශාල ශබ්ධයක් ඇහුනා...බැලින්නම් චූ........ටි සර්පයෙක්.🙊“ ඇය ලියා තිබුණි.

ඊට පිළිතුරු කොමෙන්ටුවක් ලියන දෙරණේ ප්‍රවෘත්ති අංශයේ වැඩකරන චතුර අල්විස් මෙසේ ලියා තිබුණි.

“ප්ලාස්ටික් බෝතලේකටමයි දාල තියෙන්නේ“


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දෙරණේ ඇතුළේ අයටත් ‘විශාල ශබ්දය‘ විහිළුවක් - චතුර දිල්කා බුකියෙන් ගත්ත ආතල් එක - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com