728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 18, 2023

රිලා ප්‍රේමින්ට රජයෙන් රිලවු අල්ලා දෙයි.. ඉඩම්ද දෙයි.. බලා ගන්නැයි කියයි…


 රිලවුන් රට යවනනවාට විරුද්ධ සංවිධාන හෝ පුද්ගලයන්ට එම වන රිලවුන් බලා ගැනීම සඳහා ආරාධනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

රිලවුන් බලැ ගැනීම සඳහා අවශ්‍ය ඉඩම් කොටසක් දී රිලවුන්ද අල්ලා දීමට හැකි බවත් ඔහු පැවසීය.

බොරු මත වාද ප්‍රචාරය කරන්නේ නැතුව හැකිනම් එම රිලවුන් ටික බලා ගන්නැයි තමන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේ අඟුණුකොළපැලැස්සේදී පැවති ජන හමුවකදීය.

මෙරට වගාවන් විශාල ප්‍රමාණයක් රිලවුන් වඳුරන් විසින් විනාශ කරන බවත් ඒ හරහා ගොවීනට කෝටි ගණනක් අලාභ වන බවත් එම අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කිසිවකු අවධානය යොමු නොකරන බවද ඒ මහතා පැවසීය.

හරිනම් මුලින්ම රට පැටවිය යුත්තේ රිලවුන් නොව රිලවුන් රට යවනවාට එරෙහිව විවිධ අදහස් පළ කරන ඇතැම් සංවිධානවල පිරිස් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රිලා ප්‍රේමින්ට රජයෙන් රිලවු අල්ලා දෙයි.. ඉඩම්ද දෙයි.. බලා ගන්නැයි කියයි… Rating: 5 Reviewed By: webgossip24.com