728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 18, 2023

වුනු දේ ගැන හරිම ලැජ්ජයි ඒ නිසා මම අයින් වුනා


 නයනා කුමාරි කියන්නේ  කාලාන්තරයක් තිස්සේ ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු දක්ෂ රංගන ශිල්පිනියක්.මීට අවුරුදු ගණනාවකට කලින් තමයි ඇය බොහෝ නිර්මාණත් එක්ක එකතු වෙලා හිටියෙ.හැබැයි මෑතකදී නම් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළින් අපිට නිතරම ඇයව දකින්න අවස්ථාව ලැබුණේ නැහැ.

කෙසේ නමුත් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම කලා කටයුතුත් එක්ක එකතුවෙන ඇය වෘත්තිමය වශයෙන් මේ වෙද්දි කරන්නේ ව්‍යාපාරයක්.අද වන විට ඇයගේම කියලා රූපලාවණ්‍ය ආයතනයක් තියෙනවා.එවගේම මේ රූපලාවණ්‍ය ආයතනය මඟින් බොහෝ පිරිසක් පුහුණුවීම් කටයුතු කරනවා.

පුහුණු වැඩමුළු මෙහෙයවන ගුරුවරියක් විදියටත් රංගන ශිල්පිනියක් විදිහටත් ඉතාමත් කාර්යබහුල ඇය වර්තමානය කලාවට ඇවිල්ලා ඉන්න නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච හරි අපූරු කතාවක් කියන අවස්ථාවක් මේ දවස්වල මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. ඒ වැඩසටහන මෙහෙයවන නිවේදිකාව අහනවා  අද වෙද්දි ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට ඒ වගේම සිනමාවට කිසිම පළපුරුද්දක් නැති පුද්ගලයන් පුද්ගලයන් ප්‍රධාන චරිත වලට ගන්නවා.ඒ ගැන ඔබ මොකද හිතන්නේ කියලා.ඒ අවස්ථාවේදී නයනා කිව්වේ මේ වගේ කතාවක්.

“ඒගොල්ලන්ව ගන්නෙ කවුද.ඒගොල්ලන්ට ලේසියෙන් මේ කලාවට එන්න බැහැ.මේකෙ ඉන්න අය ගත්තෙ නැත්තං ඒගොල්ලන්ට එන්න බෑ.ඔය චැනල් කරන අය ඊයේ කැරොකි ඩාන්ස් නටපු අය අද ගේනවා ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත වලට.ඉතිං ඒ හරහා තමයි මේවා වෙලා තියෙන්නෙ.මට වෙච්ච අත්දැකීමක් ගැන මං මේ කියන්නෙ.

මම එක්තරා නාට්‍යයක රූගත කිරීමකට ගියා බණ්ඩාරගම පැත්තට.ඒකෙ ප්‍රධානම චරිතයක් කරන ගෑනු ළමයෙක් හිටියා.මම චුට්ටක් වටපිට බලද්දි මම දැක්කා ගෑනු ළමයෙක් එතන තිබ්බ ගහකට නැගලා මොනවද කඩනවා.හොඳටම කොට ගවුමක් ඇඳලා එයා ගහකට නැගලා.එතකොට පල්ලෙහා අපේ අයියලා සෙට් එකම ඉන්නවා.ඉතින් මේ ළමයා ඒ වෙලාවේ ගහකට නැගලා ඒ වෙලාවේ ඔක්කොම එයාගේ පෙනුනා.හරිම අවලස්සනයි.හිනා වෙවී වැටෙනවා ආයෙ නගිනවා.මම කල්පනා කරා මෙයා මේ කවුරුහරි කවුරු හරි කාගේ හරි ළමයෙක් වෙන්න ඇති කියලා.ඊට පස්සේ පොඩි වෙලාවකදි එයාව මට හම්බුනාට පස්සෙ මම ඇහුවා ළමයො ඔයා මොකක්ද  පොඩි ගවුමක් ඇඳගෙන ඔක්කොම එලියෙ දාගෙන කළේ කියලා.ඊට පස්සේ ළමයා හා නෑ නෑ කිය කියා ඇඹරි ඇඹරි හිටියා.ඊට පස්සේ මම ඇහුවා  ඔයා මේ ටෙලි නාට්‍යයේ රඟපානවා ද කියලා.ඊට පස්සේ එයා කිව්වා ආ ඔව් මම තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ කියලා.ඊට පස්සෙ මම ඇහුවා ඔයා මොනවද කරන්නේ කාගේ කවුද කියලා.ඊට පස්සේ ඒ ළමයා කිව්වා අනේ අක්කේ මම මේ කැරොකි ඩාන්ස් කරන කෙනෙක් කියලා.මේ මම ලබපු ඇත්තම අත්දැකීමක්.ඊට පස්සේ මම ඒ නාට්‍යයට දායක වුණේ නෑ මම ඒ නාට්‍යයෙන් අයින් වුණා.”

ඉතින් ඇගේ මේ කතාවෙන් පස්සේ ගොඩක් දෙනෙක් මේකට විවිධ අදහස් ඉදිරිපත් කරලා තිබ්බා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වුනු දේ ගැන හරිම ලැජ්ජයි ඒ නිසා මම අයින් වුනා Rating: 5 Reviewed By: webgossip24.com