728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 18, 2023

ශ්‍රී ලාංකිකයින් යුරෝපයට පනින අලුත් ක්‍රමයක් කටුනායක ගුවන්තොටුපළේදී හෙළිවෙයි


  ලාංකිකයින් යුරෝපා රාජ්‍යන් වෙත පළායාම සඳහා භාවිත කරනු ලබන නවතම ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට ස්ථාපිත කර නොමැති අතර ඒවා ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු සිදු කරනු ලබයි.


මෙය අවස්ථාවක් කරගනිමින් ඉන්දියාව වෙත ගමන්ගන්නා ලාංකිකයින් තැරැව්කරුවන් හරහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස්කරගෙන යුරෝපා රටවල් වෙත පලායාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තු සඳහන් කරයි


එලෙස කූඨ ලෙස සකස් අළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකු ඊයේ(17) අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම තරුණයා ඉන්දියාවේ නවදිල්ලි නුවර තැරැව්කරුවෙකු මගින් මෙම වීසා බලපත්‍රය සකස් කර ගත් බවට හෙළිකර තිබේ.


සැකකරුගේ සොහොයුරියද මෙසේ කූඨ ලේඛණ සකස් කර ව්‍යාජ වීසා ලබාගැනීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් ඇති බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.


අත්අඩංගුවට ගත් තරුණයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ශ්‍රී ලාංකිකයින් යුරෝපයට පනින අලුත් ක්‍රමයක් කටුනායක ගුවන්තොටුපළේදී හෙළිවෙයි Rating: 5 Reviewed By: webgossip24.com