728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 11, 2023

රැකියාවට අමතරව ගබ්සා කරන කොස්තාපල් මාට්ටු - අය කිරීම 30000යි හොරණ හෝටලේ ගබ්සාවට බේත් පෙති තුනයි


 කාන්තාවන්ට ගබ්සා කිරීමේ මුවාවෙන් ලිංගික අතවර ද කරමින් ගබ්සා කිරීම කළ පොලිස් කොස්තාපල්වරයකු අද (11) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරි කරන රියදුරු කොස්තාපල්වරයකු බවත් පැවසේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිළධාරීන් පිරිසක් පොලිස් කාන්තාවක සහ සැරයන් වරයකු ප්‍රේමවන්තයන් අන්දමින් උපාය දූතයන් ලෙස යොදා වැටලීම සිදුකර තිබේ.

සැකකරු  වෙස්ගැන්වුන පොලිස් ප්‍රේමවන්ත යුවල ගබ්සා කිරීම සදහා හොරණ පොකුණුවිට ප්‍රදේශයේ හෝටලයක ගෙන්වා කාමරයක් වෙන්කර ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

රුපියල් තිස්දහසක මුදලක් අයකර කාන්තාවගේ ශරීරයට බෙහෙත් පෙති තුනක් ඇතුල්කර ගබ්සා කිරීම සිදුකරන බවට සැකකරු ප්‍රකාශ කර ඇතැයිද පොලිසිය පැවසීය

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රැකියාවට අමතරව ගබ්සා කරන කොස්තාපල් මාට්ටු - අය කිරීම 30000යි හොරණ හෝටලේ ගබ්සාවට බේත් පෙති තුනයි Rating: 5 Reviewed By: webgossip24.com