728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 28, 2023

රට ගිහින් එන ශ්‍රී ලාංකිකයින්ට ඩොලර් 4,800ක තෑග්ගක් - ලැබෙන අලුත්ම දීමනාව ගැන ඔබ දැනුවත්ද?


 රැකියා සඳහා විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන විගමණික ශ්‍රමිකයින් සඳහා අතිරේක තීරුබදු සහන ලබා දෙන ආකාරය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය මේවනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, කාණ්ඩ 3ක් යටතේ අදියර 5කදී මෙම තීරුබදු සහනය ලබා ගැනීමට හැකි වනු ඇති. 

ඒ අනුව, අඛණ්ඩව දින 90කට අඩු කාලයක් විදේශගතව සිටියේ නම් ඔහුට මේ දක්වා හිමි වූ තිරු බදු දීමනාව අමෙරිකානු ඩොලර් 187යි දශම 5ක්.

එය අමෙරිකානු ඩොලර් 600ක් දක්වා වැඩි කිරීමටයි දැන් තීරණය කර ඇත්තේ.

ඒ සඳහා ඉල්ලුම් කිරීමට නම් අදාළ කාල සිමාව තුළ රුපියල් ගිණුමකට අමෙරිකානු ඩොලර් 2,400ත් 4,799ත් අතර මුදලක් ප්‍රේෂණය කර තිබිය යුතුයි. 

දින 90ත් 365ත් අතර කාලයක් විදේශගතව සිටියේ නම් මෙතෙක් හිමිව තිබූ නිදහස් තීරුබදු දිමනාව අමෙරිකානු ඩොලර් 625ක්.

දැන් එය අදියර 2ක් යටතේ අමෙරිකානු ඩොලර් 960 සිට 1,440 දක්වා වැඩි කර තිබෙනවා. අමෙරිකානු ඩොලර් 960ක අතිරේක තීරුබදු දීමනාවක් සඳහා ඉල්ලුම් කිරීමට නම් අදාළ කාලය තුළ රුපියල් ගිණුමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 4,800ත් 7,199ත් අතර මුදලක් එවා තිබිය යුතුයි.

අමෙරිකානු ඩොලර් 1,440ක අතිරේක තීරුබදු දීමනාවක් සඳහා ඉල්ලුම් කිරීමට නම් අදාළ කාලය තුළ රුපියල් ගිණුමකට අවම වශයෙන් එවා තිබිය යුතු මුදල අමෙරිකානු ඩොලර් 7,200ත් 11,999ත් අතර වනවා.

දින 365ට වැඩි කාලයක් විදේශගතව සිටියේ නම් මෙතෙක් හිමිව තිබූ නිදහස් තීරුබදු දිමනාව අමෙරිකානු ඩොලර් 1,750ක්. දැන් එය අදියර 2ක් යටතේ අමෙරිකානු ඩොලර් 2,400 සිට 4,800 දක්වා වැඩි කර තිබෙනවා.

අමෙරිකානු ඩොලර් 2,400ක අතිරේක තීරුබදු දීමනාවක් සඳහා ඉල්ලුම් කිරීමට නම් අදාළ කාලය තුළ රුපියල් ගිණුමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 12,000ත් 23,999ත් අතර මුදලක් එවා තිබිය යුතුයි.

අමෙරිකානු ඩොලර් 4,800ක අතිරේක තීරුබදු දීමනාවක් සඳහා ඉල්ලුම් කිරීමට නම් අදාළ කාලය තුළ රුපියල් ගිණුමකට අවම වශයෙන් එවා තිබිය යුතු මුදල අමෙරිකානු ඩොලර් 24,000 හෝ ඊට වඩා වැඩි විය යුතුයි. 

නව තීරුබදු සහන ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි. එක් වරක් තීරු බදු සහනය ලබා ගත් ශ්‍රමිකයෙකුට නැවත වරක් එම සහනය ලැබෙන්නේ මාස 12කින් පසුවයි. 

රැකියා සඳහා විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන විගමණික ශ්‍රමිකයින් සඳහා අතිරේක තීරුබදු සහන ලබා දෙන ආකාරය සම්පූර්ණ වාර්තාව පහතින්



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රට ගිහින් එන ශ්‍රී ලාංකිකයින්ට ඩොලර් 4,800ක තෑග්ගක් - ලැබෙන අලුත්ම දීමනාව ගැන ඔබ දැනුවත්ද? Rating: 5 Reviewed By: webgossip24.com