728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, April 6, 2023

පිරවුම්හල් 40ක සේවය අත්හිටුවයි - තෙල් බවුසර් වලට GPS ට්‍රැකිං පද්ධති


 අඛණ්ඩව QR කෝටාව නිසි ලෙස ක්‍රියාත්මක නොකළ ඉන්ධන පිරවුම්හල් 40ක සේවා අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර මහතා පවසයි. 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සියලුම ඉන්ධන පිරවුම්හල්වල තොග ටැංකි ධාරිතාවෙන් අවම වශයෙන් 50% ක් පවත්වා ගැනීමට අවශ්‍ය වනු ඇති බවයි. 

තවද, අප්‍රේල් 15 වැනිදා වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සියලුම ඉන්ධන බවුසර් වලට GPS ට්‍රැකිං පද්ධති සවි කිරීමට කටයුතු කරන බවත් පසුව එම පියවර සියලුම පෞද්ගලික තෙල් බවුසර් සඳහාද ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පිරවුම්හල් 40ක සේවය අත්හිටුවයි - තෙල් බවුසර් වලට GPS ට්‍රැකිං පද්ධති Rating: 5 Reviewed By: webgossip24.com