728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, April 7, 2023

බසයක් තිරික්කල් 5ක ගැටෙයි - ගවයන් 4ක් ඇතුළුව අටකට තුවාල (ජායාරූප)


 තන්තිරිමලේ වැව් බැම්ම මතදී  අද (7) දහවල් පුද්ගලික බස් රථයක් තිරික්කල් පහක ගැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

තුවාලකරුවන් අතර කුඩා දරුවෙක් ද සිටින බව පොලිසිය පවසයි.

මන්නාරමේ සිට පුත්තලම දක්වා අවමගුල්   උත්සවයකට සහභාගි වීම සඳහා පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක්, මඩු වන්දනාවේ යමින් සිටි  තිරික්කල්  පහක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් ගවයන් සිව් දෙනෙක් ද තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බස්රථ රියදුරුගේ නොසැලකිල්ල මත මෙම අනතුර සිදුව ඇති බවත්, අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බසයක් තිරික්කල් 5ක ගැටෙයි - ගවයන් 4ක් ඇතුළුව අටකට තුවාල (ජායාරූප) Rating: 5 Reviewed By: webgossip24.com