728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, April 11, 2023

අඩුම පහසුකම් යටතේ පිත්තාශයේ ගල් ඉවත්කළ හැමෝම කතා වෙන මිනිසුන්ට උදව් කල බෝසත් වෙදදුරෙකුගේ කතාව



වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳ කතා ඉකුත් මාස කිහිපය පුරාවටම අපට අසන්නට ලැබුණි. ඉකුත් සතියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිදරව් කළේ රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුය හා උපයනවිට බදු අයකිරීමේ ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල්කොට රජයේ වෛද්‍යවරුන් හත්සියයක් පමණ රට හැර ගොස් ඇති බවකි. සැබවින්ම මෙය අප තැති ගන්වන සුළු පුවතක් විය.ඒත් මේ කියන්නේ ඒ කතාවක් නෙමේ අවම පහසුකම් යටතේ වුවත් රෝගීන් සුවපත් කරන වෛදයවරෙයෙක් සහ ඔහුගේ කාර්යමණ්ඩලය ගැනයි.සමාජ ජාල වල මේ වන විට බොහෝ දෙනා කතා වෙන ඒ සටහන පහතින් 

මේ ලිපිය රටේ සැගඋනු විශේෂ දක්ශයෙක් සහ ඔහුගේ කන්ඩායම ගැනයි....

මගේ වයිෆ්ට උදේට වමනය යන සහ පිට දෙපැත්තේ වෙදනාවක් ගේන අසනීපයක් තිබුනා..2022 දී ස්කෑන් පරීක්ෂණක් කලාම කිවුවා පිත්තාශයේ ගල් තියෙනවා කියල ඔපරේශන් කරන්නවෙයි කියලා,එත් වෙදනා නාශක බිලා ලෙඩේ යටගියා,
ආපහු 2023 මාර්තු මාසේ අමාරු උනා ස්කෑන් කලාම කිවුවා ඉක්මනට ඔපරේශන් කරන්නවෙයි ගල් ගොඩාක් තියෙනවා කියලා ...
පාර තමයි නෝනත් එක්ක වැඩ කරන අක්ක කෙනෙක් කියලා තියෙන්නේ ගල් අයින් කරන ආර්යුවේද ක්රමයක් තියෙනවා හැබැයි ඒ සර් ලංකාවේ ඉන්නවද දන්නෑ හොයලා බලමු කියලා,
හොයලා බලනකොට ඒ සර් නාවින්නේ අර්යුවේද රෝහලේ වැඩ කියලා අරංචි උනා.
කතාකරලා බැලුවා හරිම හොද සර් කෙනෙක්, ඒත් මෙහෙ කරන්න පහසුකම් නෑ දරුවෝ කිවුවා ..
අපේ වෙලාවට සර්ගේ වටේ හිටපු පුහුණු වෙන දොස්තර නෝනලා කට්ටිය සර්ගෙන් ඉල්ලුවා ,,අපි මේක කරමු සර් අපි උපරිමයෙන් සහය වෙන්නම් කියලා..
පස්සේ සර් කැමති උනා......
බෙහෙත් ඔක්කොම හොයාගෙන, විශේෂ බෙහෙත් වගයක් සර් ඉංදියාවෙනුත් ගෙනවා.
ඇඩ්මිට් වෙන දවස අවා ....අපි ඇඩ්මිට් උනා ,විවේකයක් දීල,,,සර්ම ස්කෑන් කරලා බැලුවා ගල් 50කටත් වැඩියි කිවුවා .පස්සේ බඩ විරේක කරලා කන්න නොදී පසුදා බෙහෙත් පටන්ගත් තා....
රෑ එලිවෙනකම්ම පුහුනුවෙන දොස්තර නෝනලා ලගම ඉදගෙන බෙහෙත් ගෙනැල්ලා දුන්නා .....
පාන්දර 1-2 වෙනකොට බඩ පෙරලිල වගේ විරේක වෙන අවස්තාවක් ආවා..
හරි පුදුමයි මොනවාද මන්දා තද කොළපාට ගල් ජාති ගොඩාක් ආවා රෑ එලිවෙනකම්ම සැරින් සැරේ ගල් ගියා...උදේ 10 විතර වෙනකම්ම බෙහෙත් දුන්නා.බලනකොට ඔක්කොම ගල් 40 විතර,
හරිම පුදුමයක් ,,
සර්ටත් හරි සතුටුයි ,මොකද මේ වගේ ප්රතිකර්මයක් කරන්න අඩුම ගානේ පෙශර් බලන monitor එකවත් මෙහේනෑ.ඇදයි ලෙඩයි විතරයි .ඔක්කොම manual .
අනේ...අපිටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි ගොඩාක් වටින සාත්තරයක් ,,මේ වගේ දේවල් කරන්න පහසුකම් ,හා බෙහෙත් වර්ග සපයලා උදව් කරනවනම් කොච්චර වටිනවද,පිටරට ඉදලත් ලෙඩ්ඩු එයි.විදේශ විනිමයටත් හේතුවක් වෙයි.මේ phost එක සේවයක් කරන්න පුලුවන් කෙනෙක් දැක්කොත් මේ ප්රතිකාර ක්රමය නගාසිටුවීමට ශක්තිය වෙන්න..
මාගේ විශේෂ ස්තූතිය Dr.Shehan Ajmeer ,,පුහුණු වෙන දොස්තර නෝනලා කන්ඩායමට.... නිදුක් නිරෝගී වසනාවන්ත දීර්ඝ ආයුශ ලැබේවා ....


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අඩුම පහසුකම් යටතේ පිත්තාශයේ ගල් ඉවත්කළ හැමෝම කතා වෙන මිනිසුන්ට උදව් කල බෝසත් වෙදදුරෙකුගේ කතාව Rating: 5 Reviewed By: webgossip24.com